Colombo Today Local News

කෝටියක ‘කුෂ්’ අතුළු මද්‍රව්‍ය තොගයක් රේගුව අල්ලයි

රුපියල් කෝටියකට ආසන්න වටිනාමකින් යුත් ‘කුෂ්’ ගංජා සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාර්සල් පහක තිබී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පවසයි.

මධ්‍යම තැපැල් හුවමාරුව තුළ සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු යැයි සැක පිට පාර්සල් පහක් පරීක්ෂා කිරීමේදී බ්‍රිතාන්‍ය, ජර්මනිය සහ කැනඩාව යන රටවල්වලින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ව්‍යාජ ලිපිනයන් මෙම පාර්සල් එවා තිබූ බවත් එම පාර්සල් තුළ ‘කුෂ්’ නැමැති ගංජා ග්‍රෑම් 472 ක් සහ ‘එක්ටසී’ නැමැති මත්පෙති 302 පෞද්ගලික භාණ්ඩ තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ බවත් රේගුව කියයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් කරන පරීක්ෂණ අවසානයේ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රී ලංකා පොලිසිය මත්ද්‍රව්‍ය නාශක අංශයට භාරදීමට නියමිත බව ද රේගුව පවසයි.

Related posts

ධීවර නියෝජ්‍ය ඇමති හාල් ප්‍රශ්නය විසදන ආකාරය කියයි

Admin

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

මහින්දගේ චීන ගනුදෙණු ගැන රහස් පොලීසිය විමර්ශන අරඹයි…

colombotoday

සබරගමුව ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

Admin

නව ව්‍යවස්ථාව ගැන අස්ගිරි මහා නාහිමි ජනපති සමග සාකච්ඡාවක් !

colombotoday

සංචරණ ඇදිරි නීතිය කඩමින් දෙමළ ජාතික සන්ධානය තිලීපන් සමරයි

colombotoday