Colombo Today Local News

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ… මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා.”

කිසිවකුටත් නිකන් කන්නට දෙන්න නොහැකියැයි ද වැඩ කළ නොහැකි රාජ්‍ය සේවකයින් සිටී නම් වහාම ඉවත් ව යන්නැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසූයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමිනි.

වැඩ කරනවා නම් වැඩ කරන්න, බැරි නම් ගෙදර යන්නැයි කී ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ට නිකන් ගෙවන්නට ලෑස්ති නැතැයි ද කීය.

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ. මොකක් හරි කරන්න ඕන.මටත් නිකන් කන්න බෑ. මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු”යැයි ජනාධිපතිවරයා පැවැසීය.

නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස තමා කිසිවකුටත් නොපවසන නමුත් රට ගොඩනැගීමට නොපමා ව එක්වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Related posts

රණවිරුවන්ට කෘතගුණ සලකන්නේ මෙහෙමද? – යුද හමුදාපති අසයි

colombotoday

එල්ලේ ක්‍රීඩකයා ඝාතනය: කර්නල් ඇතුළු 15 දෙනා රිමාන්ඩ්

colombotoday

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්න ලෑස්ති නෑ..“ මහින්ද ශ්‍රීලනිප මහඇමතිවරුන්ට කියයි

colombotoday

තෙල් අර්බුධය සමයේ තිලිණි ප්‍රියමාලි කළ ඩොලර් වංචා එළියට

colombotoday

කාලගුණයෙන් රතු නිවේදන

colombotoday

අම්මා රට ගිය පසු පියා නව හැවිරිදි දියණියව අඹුකමට අරන්

colombotoday