Colombo Today Local News

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

මීට මාස කිහිපයකට පෙර පෑලියගොඩ පොලීසිය මගින් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙනි.

එම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සතු ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවය.

ඔහුගේ ගිණුමට ලැබුණු මුදල්වලින් යම් කොටසක් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන යම් සංවිධානයකට බැරකර ඇති බවට ඉන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඒ අනුව එම සැකකරුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

දුම්රියේ ගැටුණු පුද්ගලයෙකු මරුට

Admin

පාස්කු ප්‍රහාරයට සැක අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සමග රිෂාඩ් බදුර්දීන්ගේ සබඳතා එලියට

colombotoday

වෙළද අමාත්‍යවරයා නිරුවත අතින් වසා ගැනීමේ උත්සාහයක

colombotoday

සංඝාධිකරණයක් අවශ්‍ය නෑ – අධිකරණ හා බන්ධනාගාර ඇමතිනී තලතා අතුකෝරල

colombotoday

ආයුර්වේද පනත බලාත්මකයි

Admin

උමාඔය ව්‍යාපෘතියේ භූමි පැල්මකින් ජලය මතුවෙයි.. පවුල් 100ක් හදිසියේ ඉවත් කරයි

colombotoday