මහ බැංකු වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින චූදිතයින්ට එරෙහිව විශේෂ අධිකරණ විභාගයක් පවත්වන ලෙස නීතිපතිවරයා විසින් අග්‍රවිනිශ්චකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එහිදී 2016 මාර්තු 31 වනදා පවත්වා ඇති තෙවැනි බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් ජුරි සභාවක් නොමැතිව මහාධිකරණයේ දී එම නඩු විභාගය පවත්වන ලෙස නීතිපතිවරයා විසින් ඉල්ලා ඇත.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රේෂරීස් හි අර්ජුන් ඇලෝසියස් සහ තවත් 7 දෙනෙක් ට එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.