Colombo Today Local News

මි. 50ක මත්ද්‍රව්‍ය සමග වැල්වැටිතුරේදී සැකකරුවන් තිදෙනෙක් නාවික හමුදා භාරයට

වැල්වැටිතුරේදී රුපියල් මිලියන 50 ක පමණ වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 126 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 සමග සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, අද (14) උදෑසන වැල්වැටිතුරේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පා මුර සංචාරයකදී වෙරළ ආසන්නයේ නවතා තිබූ කැබ් රථයකට සැකකටයුතු ලෙස පොලිතීන් උර තොගයක් පටවමින් සිටි පිරිසක් නවික හමුදාව විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇති බවයි.

එහිදී සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී නාවික හමුදාව මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කැබ් රථය ද සිය භාරයට ගෙන තිබේ.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 126 පොලිතින් උර තුනක පාර්සල් 60 ක් ලෙස අසුරා තිබී ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 02 ග්‍රෑම් 330ක ප්‍රමාණයක් සූක්ෂම ලෙස පාර්සල් තුනක් වශයෙන් ප්ලාස්ටික් ඇසුරුමක අසුරා තිබී ඇත.

නාවික හමුදාව පැවසුවේ, සිය භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 32ත් 38ත් අතර වයසේ පසුවන කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බවයි.

පසුව මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ කැබ් රථය වැල්වැටිතුරේ පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පැවසී ය.

Related posts

ළිඳකට වැටී දැරියක් මරුට

colombotoday

සීනි, තෙල් ලෙඩ කෑම.. ජනතාවගේ සෞඛ්‍ය රැකගන්න බදු වැඩි කරනවා – සෞඛ්‍ය ඇමති

colombotoday

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

colombotoday

CEPA එපා, කියූ රජයේ වෙදැදුරු සංගමයට එරෙහිව මර්ධනයක්!

colombotoday

බද්දේගම, තිබිල්ල රක්ෂිතය අනවසරයෙන් එළිපෙහෙළි කළ ප්‍රා. සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

colombotoday

බෝක්කුවකින් ඇලකට වැටී පුද්ගලයක් මරුට

Admin