Colombo Today Local News

LTTE සංඥා අංශයේ සාමාජිකයකු ජීව අත් බෝම්බයක් සමග කොටු

විශේෂ කාර්ය බලකා කලවංචිකුඩි කඳවුරේ නිලධාරීන්ට මඩකලපුව නාවික හමුදා බුද්ධි අංශය මගින් ලද තොරතුරකට අනුව ඊයේ (13)දින කලවංචිකුඩි පොලිස් වසමේ ඔන්ඩච්චිමඩම් ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර තිබේ.

එහි දී උදෑසන 09,30 ට පමන කලවංචිකුඩි ප්‍රදේශයේ යොදන ලද මාර්ග බාධක රාජකාරියක් අතරතුර අණ නොතකා පලාගිය පුද්ගලයකු පසුපස සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් පිරිසක් හඹාගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් අදාල සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කලවංචිකුඩි පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් පසුව සිදුකල වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සංඥා අංශයේ සාමාජිකයකු බවට තොරතුරු හෙලි කරගෙන ඇත.

මෙම සැකකරු කංචිකුඩිආරු ප්‍රදේශයේ පිහිටි එල්.ටී.ටී.ඊ. කඳවුරක කන්නර් රාම් යන එල්.ටී.ටී.ඊ. ප්‍රාදේශීය නායකයෙකු යටතේ ආල්වාන් නැමති ආරූඩ නාමයෙන් සිට ඇති බවටයි හෙලිවී අත්තේ.

කෙසේ වෙතත් පසුව මොහු එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් පලා ගොස් ඇති නමුත් පුනරුත්ථාපනය නොවු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් බවට මෙතෙක් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී හෙලි කර ගෙන තිබේ.

කෙසේ වෙතත් 34 හැවිරිදි විජේරාසා ප්‍රශාන්තන් නමැති අදාළ සැකකරු ජීව අත්බෝම්බයක් ලඟ තබාගෙන සිටියේ කිසියම් අනර්ථයක් සිදු කිරීමටදැයි සෙවීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

නාගනන්ද සහ බොදු බලේ මුහුණට මුහුණ ගැටෙයි

colombotoday

චීනය ලංකාවේ කරන වැඩ ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

ඉන්දියාව සමඟ තෙල් නල එලන්න සාකච්ඡා කරනවා විතරයි

Admin

මම බෝම්බ ගැහුවෙත් නෑ. කෝටි 10 වන්දි මුදල ගෙවන්න තව මාස 3යි – මෛත්‍රී ආධාර ඉල්ලයි

Admin

යාපනය පුස්තකාලය ගිනි තැබීම ගැන අගමැති සමාව ඉල්ලයි

colombotoday

නව ජන වරමකට අවස්ථාව ලබා දිය යුතුයි – අනුර පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday