Colombo Today Local News

මංගල සාදයේදී තරුණයෙක් ඇද වැටී මරුට

මංගල උත්සවයකට සහභාගී වී නර්තනයේ යෙදී සිටි තරුණයෙකු හදිසියේ බිම ඇද වැටී මියගොස් ඇතැයි පානදුර උතුර පොලීසිය පවසයි.

වාද්දුව, පොතුපිටිය, තිස් එකේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුසෙව් හේවගේ නිශාන් ලක්ෂාන් ජයරත්න නැමැති 24 හැවිරිදි තරුණයකු මෙලෙස මියගොස් තිබේ.

ඔහු ඊයේ (13)දින පානදුර, ගොරකාන ප්‍රදේශයේ හෝටලයක පැවතී සිය සේවා ස්ථානයේ මිතුරියකගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වී සිට ඇත.

එහිදී ඔහු නර්තනයේ යෙදී සිට ඇති අතර, හදිසියේ බිම ඇද වැටී පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

රෝහල් ගතකිරීමේදී තරුණයා මියගොස් ඇති අතර, පීසීආර් පරීක්ෂණයකින් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිත බැව් රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කරයි.

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතාගේ උපදෙස් පරිදි පානදුර උතුර පොලිසිය සහ පානදුර රෝහල් පොලිස් සැරයන් එම්.එන්. ධර්මරත්න (55323) පරීක්ෂණ පවත්වති.

Related posts

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

ආණමඩුවේ තරුණයාට තුන්වෙනි වරටත් කොරෝනා හැදුනේ කොහොමද?

colombotoday

ගම්මන්පිල කළු කොඩි ඔසවයි

colombotoday

පස් කණ්ඩියක් කඩා වැටි සිසුවෙක් මරුට

Admin

වගාහානි වන්දි නැතිව ගොවීන් වේලේ.. මහ ඇමතිලා සහ පිරිවරට රු 30,000 ක තෑගි පාර්සලයක්

colombotoday

යහපාලන ඇමතිලාගේ හොර අල්ලන්න ඒකාබද්ධ විපක්ෂයෙන් TOP 10 මෙහෙයුමක් !

colombotoday