Colombo Today Sports News

කොල්කටා නයිට් රයිඩර්ස් IPL අවසන් තරඟයට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබේ.

ඒ ඊයේ (13)දීමනා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග පැවති තරඟය කඩුලු තුනකින් ජයගැනීමත් සමගය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 135ක් ලබාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ කඩුලු 07ක් දැවී ලකුණු 136ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

ඒ අනුව අවසන් තරඟය හෙට (15)දින කොල්කටා කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය.

Related posts

ආසියානු යොවුන් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කම්!

Admin

ශ්‍රී ලංකා – ඉන්දියා තීරණාත්මක තරගය අද

Admin

“ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න මට බැහැ – IPL තරග කිහිපයක් හරි ගහනවා” – ලසිත් මාලිංග

colombotoday

මාලිංගට එකම ඕවරයේදී ලෝක වාර්තා තුනක්

colombotoday

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට

colombotoday

කුසල් පෙරේරා, චාමර සිල්වා ඇතුළු සගයන් කිහිපදෙනෙක් පොලිසියට?

colombotoday