Business

බැංකු පොලී අනුපාතවල වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව සිය බැංකු පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් අගෝස්තු මාසයේ දී සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට තීරණය කළේ ය.

ඒ අනුව එම බැංකු පොලී අනුපාතික අඛණ්ඩව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

එම තීරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 5 සහ සියයට 6 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්ව සහ අපේක්ෂිත වර්ධන මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඉදිරි කාලයේදී මෙරට ආර්ථිකයට එහි විභව මට්ටම කරා ළඟාවීමට සහාය වන බවත් සුදුසු ක්‍රියාමාර්ග මගින් මැදිකාලීන උද්ධමන ඉලක්ක ගත මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය කැපවෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් සඳහන් කරයි.

Related posts

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

ලංකාවේදී බොරතෙල් පිරිපහදු කර බංග්ලාදේශයට තෙල් යවන්න ඉන්දියාව මාන බලයි

colombotoday

බාල්දු වීමේ ලෝක වාර්තාව රුපියලට හිමියි. ඉතිහාසයේ මුල් වරට ඩොලරයක් රු142ට නගී.

colombotoday

දඹුල්ල ආර්ථිකයට ගොවින් විශාල පිරිසක් | එළවළු මිල 30%කි ඉහලට

colombotoday

වාහන මිල යළි ඉහළට

colombotoday