Colombo Today Sports News

විස්සයි විස්ස නායකත්වය යළි මැතිව්ස්ට

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් 20-20 කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස්ට පවරා තිබේ.

කණ්ඩායමේ නායකත්වයට පත්ව සිටි දසුන් ශානකට විදේශගමන් බලපත්‍රයේ ගැටලුවක් හේතුවෙන් එරටට ළඟාවීමට නොහැකිවීම මත නව පත්කිරීම සිදුකර ඇත.

කෙසේ වෙතත් ටෙස්ට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායමේ නායකත්වය හොබවවනු ලබන්නේ දිමුත් කරුණාරත්නයි.

මේ අතර, දෙරට අතර පළමු 20-20 තරගය ලබන 03 වැනිදා ආරම්භවීමට නියමිතව ඇත්තේ කැරබියන් දූපත්හි ඇන්ටිගුවා රාජ්‍යයේ කුලීජ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

Related posts

ක්‍රිකට් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අරඹයි

Admin

භානුක ක්‍රිකට් ආයතනයට සුවිශේෂී ලිපියක් යවයි

colombotoday

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තීරණාත්මක අවසන් තරගය අද

Admin

නියමිත කාලයට පන්දුවාර 50 යවා නිම නොකළ ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සී. යෙන් දඩයක්

colombotoday

මෙසී ප්‍රේක්ෂකයින් නිසා සමුගැනීමේ තීරණය වෙනස් කරයි

colombotoday

ධනුෂ්ක,කුසල්,නිරෝෂන් ශාරිරීක යෝග්‍යතා පරීක්ෂණයකට

colombotoday