සිංහල බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර පුළුල් ජාතික බලවේගයක් ලෙස සඟ බලවේගයක් ගොඩනැඟීම සඳහා වෙන වෙන්ව කටයුතු කළ බොදු බල සේනා, සිංහල රාවය, රාවණා බලය සංවිධාන තුන එකම පෙරමුණක් වශයෙන් සන්ධානගත විය.
ඓතිහාසික යුග කාර්යභාරයක් ඉටු කිරීම සදහා මෙම එක්වීම සිදුවූ බවත්, මින් පසු සංවිධාන ක්‍රියාවලිය ඒකාබද්ධව සිදු කරන බවත්, ගම් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් සහ පළාත් මට්ටමින් මින් ඉදිරිය සංවිධාන කටයුතු සිදු කරන බවත්බොදු බල සේනා සංවි්ධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පැවසූහ.
බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි, සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සන්ධාගතවීම ප්‍රකාශයට පත්කර සිටියහ.