තවත් බන්ධනාගාර රැඳවියන් 122 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් 120 දෙනෙකු බන්ධනාගාරගත පිරිමි පුද්ගලයින් බවයි.
අනෙක් ආසාදිතයින් දෙදෙනා රිමාන්ඩ් සිරකරුවන් ය.
මේ අතර, ඊයේ (13)දින වනවිට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3087 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරට බන්ධනාගාර නිලධාරීන් 103 දෙනෙකු ද ඇතුළත් ය.