Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට පළාත් අතර සංචරණය සපුරා තහනම්

අද (13)දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා පළාත් අතර සංචරණය තහනම් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ, පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිටුවන බවයි.

නමුත් කෘෂිකර්මය, වරාය, ඇගලුම් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා අදාළ සීමා බලපැවැත්වෙන්නේ නැහැ.

එම ක්ෂේත්‍රවලට අදාළව සේවා ස්ථානවලට කැඳවන පිරිස් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන්ට තීරණය කළ හැකි බව ද යුද හමුදාපතිවරයා පැවසී ය.

මේ අතර සැප්තැම්බර් 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ස්ථානවල ගැවසීමට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට තහවුරුකළ කාඩ්පත අනිවාර්ය බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, එය තහවුරු කිරීම සඳහා පොදු ස්ථානවලදී අදාළ පරීක්ෂා කිරීම් සිදුකරන බවයි.

Related posts

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

එජාප මහලේකම් ධුරය අකිලගෙන් ගිලිහෙන ලකුණු… අලුත් නමක් යෝජනා වෙයි

colombotoday

අගමැති නූලෙන් බේරෙයි… ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ….

colombotoday

රුසියාවේ කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනයට

colombotoday

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday