Colombo Today Local News

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

kabir_harshim

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාට ප්‍රරබලම කැබිනට් ඇමැති ධුරයක් ලැබී තිබුණ ද එය නමට පමණක් සීමා වූ ඇමැතිකමක් වීම නිසා හෂීම් මහතා ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක පසුවන බව වාර්තා වේ.
මෙම ඇමැති තනතුරට අදාළව ආයතන වෙන් කිරීමේ දී රාජ්‍ය බැංකු ඇතුළු ප්‍රබල රාජ්‍ය ආයතන තිස් ගණනක් අයත්ව තිබිණි.

එහෙත් හෂිම් මහතාට මේ වන තෙක් තම විෂය පථය යටතේ ඇති කිසිදු ආයතනයක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ හෝ එකදු සංස්ථාවක හෝ නිලධාරියකු පත් කර ගැනීමට හෝ හැකියාවක් ලැබී නොමැත.

එම ආයතනයන්හි ඉහළ තනතුරු දින සියයේ ආණ්ඩු සමයේ දී මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසින් පුරවනු ලැබූ නමුත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමේ දී අගමැතිවරයා හෂිම් මහතාට දැනුම් දී තිබුණේ ඊට සුදුසු පුද්ගලයන් පත් කර ගන්නා ලෙසය. එහෙත් රවී කරුණානායක මහතා විසින් පත් කරනු ලැබු කිසිදු නිලධාරියකු එම තනතුරුවලින් ඉවත් නොවූ අතර මේ සම්බන්ධයෙන් හෂීම් මහතා කරුණානායක මහතාගෙන් කළ විමසීමක දී පවසා ඇත්තේ එම නිලධාරීන් කිසිවකු හෝ ඉවත් නොකරන ලෙස අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බවය.

මේ තත්ත්වය මත සත්‍යය පවසන්නේ අගමැතිවරයා ද කරුණානායක මහතා ද යන්න තෝරාගත නොහැකි බැවින් ඉදිරි සතිය තුළ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බව කබීර් හෂීම් මහතා තම හිතවතුන් සමඟ පවසා ඇත.

Related posts

මවගේ මළගමට පැමිණ ස්ප්‍රීතු වර්ගයක් පානය කළ සොහොයුරන් දෙදෙනා මරුට – තවත් අයෙක් රෝහලේ

colombotoday

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

colombotoday

වෙසක් මාසයේදී ඥානසාර හිමිගෙන් රජ වැඩක් – සංකල්පය ඇතිවුනේ වැලිකඩදී

colombotoday

විදුලි සැපයුම බිඳ වැටීමට හේතුව රිලවගෙන් පසුගිය ආණ්ඩුවට – බලශක්ති ඇමති සහෝදරයා ඉල ඇදෙන හේතු සපයයි.

colombotoday

UPDATE: සිංහල රාවයේ, රාවණ බලයේ නායක හිමිවරු යළි සිපිරිගෙට!

colombotoday

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

colombotoday