Colombo Today Local News

PCR සිදුකිරීමට ගිය බස් රථයක් දුම්රියක ගැටෙයි

කළුතර උතුර, කොස්ගස් හංදිය ප්‍රදේශයේදී අද (04)දින උදෑසන බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

පෞද්ගලික රෝහලක සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇත.

සංචාරක හෝටලයක රැඳීසිටින විදෙස් සංචාරකයින් පිරිසකගේ PCR පරීක්ෂණ සිදුකිරීම සඳහා යමින් සිටියදී බස් රථය අනතුරට ලක්ව තිබේ.

කොස්ගස් හංදිය ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගය හරහා අදාළ බස් රථය හැරවීමට යෑමේදී අනතුර සිදුව තිබුණි.

බස් රථය ගැටී තිබුණේ කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ය.

අනතුරින් බස් රථයේ රියදුරු තුවාල ලබා නාගොඩ මහ රෝහලට ඇතුළත් කෙරුණි.

Related posts

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

අද කොවිඩ් එන්නත් ලබා ගත හැකි ස්ථාන

colombotoday

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday

14 වැනිදාත් පාර්ලිමේන්තුව කල් දමනවා… බහුතරය පෙන්වීමක් නෑ….

colombotoday

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

දෙමෝදර ආරක්කු 9 පාලම පුරාවිද්‍යා උරුමයක් කිරීමේ තීරණයක්

Admin