Colombo Today Local News

ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ඉහළට

දේශීය වෙළෙඳපොලේ ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි ඇතුළු අපනයන බෝග රැසක මිල ගණන් ඉහළ ගොස් ඇත.

ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800 ක් දක්වාද, කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 3400 ක් දක්වාද, කරාබු නැටි කිලෝවක් රුපියල් 1500 ක් දක්වාද, කෝපි ඇට කිලෝවක් රුපියල් 1200 ක් දක්වාද ඉහළ ගොස් තිබෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද පවසයි.
ඉකුත් වසරේ (2020) අගෝස්තු මාසයේදී ගම්මිරිස් කිලෝවක් අලෙවි වී ඇත්තේ රුපියල් 450 කට වන අතර, කෝපි කිලෝවක මිල පැවතියේ රුපියල් 800 කටය.

කරුංකා පුවක් කිලෝවක මිලද රුපියල් 900 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

වෙළෙඳපොළේ අමු පුවක් ගෙඩියක මිල රුපියල් 20 ත් 25 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇත.
මේ දිනවල පවතින පුවක් අස්වැන්න අඩුවීම හේතුවෙන් අගෝස්තු සිට ඔක්තෝබර් මාසය දක්වා වු කාලයේදී පුවක් මිල ඉහළ යන බවත්, පෙබරවාරි මාසයේදී පුවක් අස්වැන්න ඉහළ යෑම නිසා මිල අඩුවන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

වෙළෙඳපොළේ බුලත් කොළයක මිලද රුපියල් හතර, පහ දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

හෙට (25) ශෝක දිනක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

colombotoday

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

ජනපතිගේ යෝජනාව ඒකාබද්ධය පිලිගනී.. මහින්ද ඇගමැති කර සන්ධාන ආණ්ඩුවක්…

colombotoday

උපරිම සිල්ලර මිල – බර සටහන් කිරීම ඇතුළු තොරතුරු 7ක් අනිවාර්ය කරයි

colombotoday

අවුරුදු 12 ට අඩු දරුවන්ටත් ෆයිසර් ලබාදීමට පරීක්ෂණ

colombotoday

ලංකා බැංකුව-මහජන බැංකුව කොටස් වෙළදපොලේ දමා විකිණීමට සැරසේ…

colombotoday