Colombo Today Local News

මන්ත්‍රී කාවින්ද දාහක් එක්ක මඩු ගිහින්.. දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ 11ක පොල්ලක් තියලා

kavinda jayawardhana 23

එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඉකුත් පෙබරවාරි 01 හා 02 දිනයන්හිදී මගීන් 1000 ක් වෙනුවෙන් මැදිරි 11 කින් සමන්විත දුම්රියක් ජා-ඇල සිට මඩු දක්වා යාමට සහ ඒමට මුදල් ගෙවීමකින් තොරව ලබාගෙන ඇති බවට සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය චෝදනා කර සිටී.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් සිදුකරන ලෙසද එම සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් ලියමින් ඉල්ලා සිටී.

මන්ත්‍රීවරයා සිය දේශපාලන බලය යොදා ගනිමින් මේ මුදල් ගෙවීම පැහැර හැර ඇති බවද අදාළ ලිපියේ දැක්වේ.

මෙම විශේෂ දුම්රිය ධාවනය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 1,111,110/=ක මුදලක් හා ඇප මුදල් වශයෙන් රුපියල් 10,000/= ක මුදලක් අහිමිව ඇති බවද පැවසේ.

සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය, නිමල් සිරිපාල ද සිල්වා මහතාට යවන ලද ලිපිය පහත දැක්වේ.

Related posts

මාර්ග කිහිපයක පෞද්ගලික බස්රථ වර්ජනයක්

Admin

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

Admin

රුවන්වැල්ලේදී තරුණයෙක් ඝාතනය කෙරේ

colombotoday

පසුගිය වසරේ අනුමත මුදලටත් වඩා දෙගුණයක් රජය ණය අරන් !

colombotoday

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Admin