Colombo Today Local News

හරින් සහ ගෝලයෝ වෛද්‍යවරුන් සමග ගැටෙයි.. වෛද්‍ය පාදෙනියට පාදඩයා කියා බැනවදී

ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත කරන ලද ප්‍රකාශයකට එරෙහිව එම සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් ඊයේ බදුල්ල මහ රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

එම විරෝධය සාමකාමීව පැවතෙද්දී ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් එහි පැමිණ වෛද්‍යවරුන්ට එරෙහිව ‍විරෝධතා දක්වන්නට විය.

එහිදී මන්ත්‍රීවරයා කිහිප වරක්ම වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණිය පාදඩයෙකු ලෙස හැදින්වීය.
පසුව පැවති මාධ්‍ය හමුවකදීද ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතාද වෛද්‍ය පාදෙණිය පාදඩ වැඩ කරන්නෙක් ලෙස හඳුන්වනු ලැබීය.

තමන්ගේ වචන ස්වරූපය අනුව එම ප‍්‍රකාශයේ වරදක් නොදකින බවද කී ඇමතිවරයා තමන් තවමත් සිටින්නේ එම ස්ථාවරයේම යයිද කියා සිටියේය.

Related posts

අලි සබ්‍රි චේතාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා. – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම පිළිබඳව පැමිණිල්ලක්.

colombotoday

මහින්දගේ බලවේගය සමග පක්ෂ පහක් සන්ධානගතවෙයි… සාකච්ඡාවකට එන්නැයි ජනපතිගෙන් දුරකථන ඇමතුම් !

colombotoday

මන්ත්‍රී පාඨලීට රට යන්න අධිකරණයෙන් අවසර

Admin

හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Admin

මාලිමාවේ රැල්ලට සුමන්තිරන් හේදිලාම යයි

Admin

නිෂ්පාදකයින්ට බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්

Admin