ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ කාන්තාවක විසින් වැසිකිළි දෙකක් සෑදුවේ යැයි ඉන්දීය රජය ඇයට උපහාර දක්වා තිබෙනවා. එම කාත්නාව වැසිකිළි දෙකක් සාදා ඇත්තේ සිය එළු පට්ටිය විකුණා ලබාගත් මුදලින්. ඇයගේ ක්‍රියාව අගය කරමින් ඉන්දීය ඇගමැති නරේන්ද්‍ර මෝදි ඇයට ප්‍රසිද්ධියේ දණ ගසා වැද ආචාර කර තිබෙනවා.
ඉන්දියාවේ ජනගහනයෙන් 60%ක් වැසිකිළි භාවිතා නොකරන අතර එරට ප්‍රසිද්ධ මංමාවත්වල දෙපස පවා ප්‍රසිද්ධියේ ශරීරකෘත්‍ය කරන පුද්ගලයන් සුලබ දසුනක්. මෙය ඉන්දියාවේ සෞඛ්‍ය තත්වයටද බරපතල ගැටළුවක් වී තිබෙන අතර ඉන්දීය ජනයා වැසිකිළි භාවිතයට හුරු කිරීම සදහා ඉන්දීය රජයේ මැදිහත්වීමෙන් විවිධ ප්‍රවර්ධන වැඩසටහන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.