Colombo Today Local News

“අපි දූෂිතයන් අල්ලන්නේ යහපාලන ක්‍රමයටයි“ – මව්න්ට් එලිසබෙත් යන්න කලින් රාජිත කී කතාව

rajitha avntgurd

වත්මන් රජය දූෂිතයන් අල්ලන්නේ මහින්ද රාජපක්ෂ රජය පුද්ගලයන් අත්අඩංගුවට ගත් ආකාරයට නොවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

ජාතික පුවත්පතක් සමග (19) සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

යහපාලනය යටතේ විරුද්ධවාදීන්ටත් නීතියේ සාධාරණත්වය ලබා දෙන බවද නීතිපති දෙපාර්තමේන්තුව හරහා නිවැරදි අධිකරණ ක්‍රියාවලියකින් පසු දූෂිතයන්ට දඩුවම් ලබා දෙන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

යම් චෝදනාවක් සදහා අඩු තරමින් සාක්ෂිකරුවන් දෙදෙනෙකුවත් නොමැතිනම් නඩු පැවරීම නොකරන ලෙසත් අතරමදී අතහැරදැමිමට හෝ චූදිතයන් නිදහස් වන ආකාරයේ චෝදනාවලට අධිකරණ ක්‍රියාමාර්ග නොගන්නා ලෙසත් අගමැතිවරයා විසින් උපදෙස් දී ඇති බවද රාජිත සේනාරත්න මහතා සදහන් කර ඇත.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධනේ අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඇවන්ගාඩ් සමාගම සතු සියල්ල මේ වන විට අහවර වි ඇති බැවින් ඒ පිළිබද කතා කරන්නට දෙයක් ඉතිරිව නැති බවයි. ආණ්ඩුවට මෙන්ම එහි අයිතිකරුවන්ටද ඇවැන්ගාඩ් දැන් අමතක වි ඇති බවද ඇමතිවරයා පවසනවා.

 

Related posts

කුණු කන්දට යටවූ ජීවිතවල වටිනාකම රුපියල් ලක්ෂයද.. ආණ්ඩුවට තවත් විරෝධයක්

colombotoday

ජනතාව වෙනුවෙන් වැඩකිරීම නිසා ඉල්ලා අස්වූ මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න

colombotoday

අයවැය ප්‍රකාශය : පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති හෙළි කරයි

Admin

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

ඇප ගෙවන්න සල්ලි නැතිව යළි සිරගතවූ දේශයට නිදහස් දුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අද අපේ යුතුකම කරමු !

colombotoday

“මේ රට බෞද්ධ රටක්.. එය පිළිනොගෙන සංහිදියාවක් හැදිය නොහැකියි“ – හින්දු සම්මේලනය

colombotoday