Colombo Today Local News

ජනපති අගමැති ඝාතනය කර ආණ්ඩුව පෙරළමුයි ෆේස්බුකියෙන් කී අයෙක් අල්ලන්න නියෝග!

ranawiru 112

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඝාතනය කිරීම හා ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් මැලේසියාවේ සිට ෆේස්බුක් වෙබ් ගිණුමක් මඟින් සැලසුම් කළැයි කියන පුද්ගලයකු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (19) ආගමන විගමන පාලකවරයාට නියෝග කළේය.

2013 වර්ෂයේ ජූනි මස 13 සැකකරු මෙරටින් බැහැරව මැලේසියාවට ගොස් ඇති අතර එහි සිට ජනාධිපති, අගමැති ඝාතනය කිරීමට සැලසුම් කිරීම, නිත්‍යානුකූල ජනමතයකින් බලයට පත් රාජ්‍ය පෙරළීමට කුමන්ත්‍රණය කිරීම හා රාජ්‍ය විරෝධී වැරැදි සිදුකළ බව පවසමින් රහස් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.‍

රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා විසින් ඉකුත් 6 වන දින ජනාධිපති හා අගමැති ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට කරන ලද පැමිණිල්ලක් මත රහස් පොලිසියේ පරිගණක අංශයේ ස්ථානාධිපති සේනාරත්න මහතා මෙහි විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සැකකරු විසින් අන්තර්ජාලයේ පවත්වාගෙන යන ෆේස්බුක් වෙබ් අඩවියකින් ඉකුත් 05 වනදා මාතෘකාවකින් තොරව වීඩියෝ දර්ශනයක් ඇතුළත් කර ඇති බවත්, එහි උපැස් යුවළක් පැළඳ සිටින දිගු කොණ්ඩයක් හා රැවුලක් සහිත පුද්ගලයකු රථයක් පදවමින් වීඩියෝ ගතකරන දර්ශනයක් තිබූ බවට රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. එම දර්ශනයේ සිටින පුද්ගලයා විසින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඝාතනය කළ යුතු බවත්, බලයට පත්වූ ශ්‍රී ලංකා රජය ඉවත් කළ යුතු බවත්, පෙර සිටි රාජ්‍ය නායකයින් ඝාතනය කළ ආකාරයට දැනට සිටින ඉහළ නායකයින් දෙපළ ඝාතනය කළ යුතු බවට එම දර්ශනයේ සඳහන්ය.

මේ සඳහා එඩිතර රණවිරුවන්ට ඉදිරිපත් වන ලෙසට ආයාචනයක් ද ගිණුම හරහා සිදුකර ඇති බව පැවසූ රහස් පොලිසිය මෙමඟින් ආරක්ෂක අංශ අයුතු ලෙස පොළඹවා ගැනීමක් සිදුව ඇති බවට අධිකරණයට කරුණු දැක්වීය. අදාළ විමර්ශනයේදී සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගත් බව පවසන රහස් පොලිසිය අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120, 489 හා 486 වැරදි සිදුකළ බව සඳහන් කළේය. මොහු දැනට විදේශගතව ඇති බැවින් ඔහු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලෙසට නියෝගයක් ආගමන විගමන පාලක වෙත නිකුත් කරන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට ගන්නා ලෙසට ආගමන විගමන පාලක වෙත නියෝග නිකුත් කළේය.

 

Related posts

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

රෙජිනෝල්ඩ් විග්නේශ්වරන් සමග එක්වී ජාතික ගීය දෙමළෙන් ගයා වැඩ අල්ලයි

colombotoday

තමන්ට වෙන්න යන දේ ගැන ඥානසාර හිමි මාර්තු මාසයේදී කල ප්‍රකාශය

colombotoday

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4 ක් හමුවේ..

Admin

අවුරුදු හතරක දැරියට පහරදුන් මව සහ අනියම් සැමියා අත්අඩංගුවට

Admin

කුඩු හොරු දුම්රියේදී රන් මාලයක් සහ රුපියල් ලක්ෂ දෙකක් කොල්ලකයි

colombotoday