Colombo Today Local News

ඒකීය රටක් වෙනුවෙන් රජරට වෙදැදුරන්ගෙන් නව ව්‍යවස්ථාවට සුපිරි යෝජනා 14ක්

channa jayasumana 111

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීමේ කමිටුව හමුවේ පෙනී සිටි වෛද්‍යවරු කණ්ඩායමක් ලිඛිත යෝජනා 14 ඉදිරිපත් කර මිනිත්තු 40 කාලයක් වාචික දේශනයක් ද ඉදිරිපත් කළේය.

කමිටු සභාපති ලාල් විජේනායක ඇතුළු සාමාජිකයන් ඇසූ ප්‍රශ්න වලට ඉතා ඍජු පැහැදිලි කිරීම් ඉදිරිපත් කල වෛද්‍යවරු ඔවුන් නිහඩ කළහ. සාමාන්‍යයෙන් වාචික ඉදිරිපත් කිරීම් මිනිත්තු 20 කට සීමා වුවද විනාඩි 40 යනතුරු සිය පැහැදිලි කිරීම සිදු කිරීමට වෛද්‍යවරු සමත් වූහ. මේ රටේ සැබෑ අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට බවත් ඒ පිළිගෙන එයට විසදුම් ලබා දෙන තෙක් කුමන පැලැස්තර ඇල වුවද ප්‍රයෝජනයක් නැති බවත් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛන්ඩතාවට තර්ජනයක් වන ඕනෑම යෝජනාවක් පාර්ලිමේන්තුවේ 2/3 මෙන්ම ජනමත විචාරණයක 2/3 ද සම්මත විය යුතු බව පැවසීමත් සමග විශ්මයට පත් කමිටු සභාපති ලාල් විජේනායක මහතා එකම ප්‍රශ්නය ඔහුගෙන් කිහිප විටක් ඇසූ අතර තර්ක ශක්තියක් නැති පුද්ගලයන්ට රටේ තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව ලබා දීමෙන් සිදුවන අයහපත ගැන විස්තර කර මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදනයද බටහිර සහ ඉන්දීය අවශ්‍යතා මත සිදු වන පැලැස්තරයක් බව ඔහුගේ මුහුණටම පැවසීය. ඉන්පසු කමිටු සභාපතිවරයා මිනිත්තු 40 ගතවන තුරු නිහඩතාව ආරක්ෂා කළේය.

උතුරු නැගෙනහිර එක කරන්නට කතා නොකර ප්‍රදේශයේ සැබෑ ප්‍රශ්නය වන වකුගඩු රෝගීන් මුහුණ දෙන ගැටළු විසදීමට වැලිඔය, වව්‍නියාව දකුණ, පදවිය සහ පදවි ශ්‍රී පුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ එක කර උතුරු පළාතට වැලිඔය නමින් දිස්ත්‍රික්කයක් පිහිටුවන ලෙසත් දෙහිඅත්තකන්ඩිය, මහියංගනය සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ එක් කර නැගෙනහිර පළාතට මහියංගනය නමින් දිස්ත්‍රික්කයක් පිහිටුවන ලෙසත් වෛද්‍ය ජයසුමන වැඩි දුරටත් යෝජනා කළේය. මහාචාර්ය සිසිර සිරිබද්දන ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගී වුහ.

ඔවුන් ඉදිරිපත් කල යෝජනා 14,

Related posts

කොරෝනා යලි මඩින්න ජනපති දුන් උපදෙස්

colombotoday

ලග්ගල පොලිසියේ තිබූ T56 අවියක් සහ රිවෝල්වර 5 ක් සොරාගනී

colombotoday

CID නිලධාරින් සමග ආමි මොහිදින් සබඳතා පැවැත් වු බවට සාක්ෂි !

colombotoday

සීනි බදු වංචාවේ පරීක්ෂන යලි අරඹයි

Admin

මන්ත්‍රීලාගේ කල්ල මරේ !.. දීමනා ඩබල් වෙයි.. තව පඩි වැඩි කරන්නත් තීන්දුයි

colombotoday

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday