Colombo Today Local News

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රට ගැන සිතමින් රට වෙනුවෙන් ඉදිරිපත් කළ සංශෝධනයක් මිස පක්ෂයක්,කණ්ඩායමක් හෝ මන්ත්‍රීවරුන් ගැන සිතා ගෙන ආ එකක් නොවන බව අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා සම්පාදක කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (06)දින පැවසීය.

ප්‍රජාත්‍රන්තවාදී පැවැත්ම සහ පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් ඇස් ඇර, මොළය පාවිච්චි කර මෙම අණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන ලෙස මහජන නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විසි දෙවෙනි ආන්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සංවාදයක් ඇති වූ අවස්ථාවේදීය.

ජනතාවගේ හැගීම් තේරුම් නොගනිමින් මහජන නියෝජිතයින් කටයුතු කරන්නේ නම් එහි ප්‍රතිවිපාක රටේ අසරණ ජනතාවට භුක්ති විඳීමට සිදුවන බවද විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පවා මෙරට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ගෙන එන සංශෝධන සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින බවත් පොදු මහජනතාවගේ හිතසුව පිණිස ගෙන එන ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වලට සහය ලබාදෙන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

Related posts

සුජීව සේනසිංහ සියලු තනතුරුවලින් ඉවත් කර එජාපයෙන් නෙරපන්නැයි යෝජනා වෙයි

colombotoday

පස් කන්දක් කඩා වැටී බදුල්ල – කොළඹ මාර්ගය වැසේ

Admin

රිළවුන් අපනයනය ගැන කරුණු කියන්න ලබන 26තෙක් කල්දෙයි

Admin

නව ව්‍යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්‍රීවරුන්ට ගමට එන්න දෙන්න එපා !

colombotoday

“පාරවල්වල කුණු අදින්න හමුදාව දාන්න.. රාජපක්ෂලත් එහෙම කරා“ – රාජිත ජනපතිට කියයි

colombotoday

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin