Colombo Today Local News

රිළවුන් අපනයනය ගැන කරුණු කියන්න ලබන 26තෙක් කල්දෙයි

රිළවුන් අපනයනය කිරීමට එරෙහිව ඉදිරිපත්වූ පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද (26)දින අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත ජුනි මස 26 වනදා තෙක් කල් ලබා දී තිබේ.

මෙරට රිළවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පරීක්ෂණ කටයුත්තක් සඳහා මෙරට රිළවු ලක්ෂයක් චීනයේ පිහිටි පෞද්ගලික සමාගමක් වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

මෙම ක්‍රියාව තුළින් බරපතළ සත්ත්ව හිංසනයක් සිදුවන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් කියා තිබේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ ඇත.

Related posts

මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ජනපති සටනට. – ජවිපෙන් ග්‍රීන් ලයිට්

colombotoday

පුරුෂ ශක්තිය හීන කර ස්ත්‍රී දූෂකයන් මට්ටු කරන්න වාසුගෙන් යෝජනාවක්

colombotoday

කපා දැමූ විශ්‍රාම වැටුප ඉල්ලා ආබාධිත රණවිරුවෝ මහපාරට

colombotoday

විග්නේෂ්වරන් වැටට උඩින් පනී.. රජයට හොරෙන් බ්‍රිතාන්‍ය සමග ගිවිසුමක් අත්සන් කරයි

colombotoday

උඩුවේ හිමි නිදහස් කිරීමට නීතිපති එරෙහි වෙයි… තීන්දුවට එරෙහිව ඇපෑලක්…

colombotoday

හොරොව්පතාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක යතුරු පැදියට තෙල් ගහද්දි ගිනි ගනී

colombotoday