Colombo Today Local News

“මාධ්‍ය කරපිටින් බළයට ආපු ආණ්ඩුව අද මාධ්‍යයට පෙරළගෙනම ගහනවා“ – හිටපු ජනපති

mr 256

මාධ්‍ය හරහා බලයට පැමිණි මේ ආණ්ඩුව. මාධ්‍යයට නොයෙකුත් චෝදනා කරමින් පහර දෙන බවත්, තමන්ට ඇති දුක මාධ්‍ය නිහඬව සිටීම බවත්, එහෙත් අවුරුද්දක් තිස්සේ තමන්ට මාධ්‍ය මගින් පහර දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

හික්කඩුව නාරිගම ප්‍රදේශයේ හෝටලයක පැවැති මංගල සාදයකට පෙරේදා (15) පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

දැන් බලන්න මේ ආණ්ඩුව බලයට ආවේ මාධ්‍ය හරහා නේ. විශේෂයෙන්ම ඒ කාලයේ මේ අයගේ ප්‍රධාන ආයුධය වෙලා තිබුණේ අපට පහර දෙන්න සමාජ වෙබ් අඩවි (සෝෂල් මීඩියා) නේ. දැන් ඒකට බණිනවා ඒක තහනම් කරන්න ඕන කියනවා.

ඊළඟට මාධ්‍යයට නොයෙකුත් චෝදනා කරමින් නම් සඳහන් කරමින් පහර දෙනවා. ඒ ආයතනවලට පහරදෙනවා. යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියමින් බියක් තර්ජනයක් ඇති කොට මුළු රටම මාධ්‍ය හරහා භීතියෙන් පෙළෙන තත්ත්වයට පත්කොට තියෙනවා.

හාමුදුරුවරු අත්අඩංගුවට අරන් හිර කරනවා. රණවිරුවන් හිරකරනවා මේ තුළ ඇතිවන්නේ. මිනිසුන්ගේ හදවත්වල බියක්. මේක අපි 89 හා 90 කාලයේත් දැක්කා. අද වෙනසකට තියෙන්නේ ටයර් සෑයවල් නැති එක. ප්‍රජාතන්ත්‍රවාදය කියන මුහුණුවර පෙන්වනවා. මේක ඉතාම භයානක තත්ත්වයක්. මට දුක මාධ්‍යයත් ඒ ගැන නිහඬ වෙලා ඉන්නවා. මාධ්‍යයත් අවුරුද්දක් තිස්සේ මට පහර දෙනවා. අදත් ඉවර නැහැ.

Related posts

වාරි ජලාශ 18 ක් තවමත් වාන් මට්ටමේ

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහලට

colombotoday

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

colombotoday

උඩරට මාර්ගයට ගල් පෙරළෙයි… දුම්රිය ධාවනයට බාධා

Admin

සිංහලයාට නැති දෙමළාට, මුස්ලිමයාට පමණක් ඇති ප්‍රශ්නය මොකක්ද? BBS දෙමළ, මුස්ලිම් ඇමතිලා හමුවී කෙළින්ම අහයි !!

colombotoday

තබ්බෝව රක්ෂිතයේ අක්කර 175ක් ඇමති බෑණාට.. අණපණත් කුණූ කූඩයට දමා කැබිනට් අනුමැතිය දෙයි !

colombotoday