Colombo Today Local News

ඇමති කංචන විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමේ සූදානමක – විදුලි සේවක බෝනස් නවතී

විදුලිබල මණ්ඩලය පාඩු ලැබීම හේතුවෙන් මෙම වසරේ කිසිඳු පාර්ශවයකට පාරිතෝෂිත ගෙවිය නොහැකි බව ලිපියකින් දැනුම් දී ඇති බවත් පාඩු ලබන ආයතනවල සේවකයන්ට බෝනස් ගෙවිය නොහැකි බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7) පස්වරුවේ පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම යහතින් සිටින තාක්කල් කිසිඳු තුන්වැනි පාර්ශවයකට විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බව කී සභාපතිවරයා විදුලි ගාස්තු ඉහළ දමන ලෙස 2017 වසරේ තමන් ඉල්ලීමක් කරන තෙක් කිසිවෙක් එවැනි ඉල්ලීමක් නොකළ මෙන්ම එසේ ඉල්ලීමක් කර බව කියන ප්‍රකාශ අසත්‍ය බව ද සඳහන් කළේය.

විෂය භාර අමාත්‍යවරයා පැය හත අටක් විදුලි කපන බවට බිය පතුරුවා ගාස්තු ඉහළ දැමීමට සූදානම් වන බවත් ඒවගේ දෙයකට මහජන උපයොගිතා කොමිසම කිසි දිනක නොදෙන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

Related posts

එක්සත් රාජධානියේ ජනතාවගෙන් 67% ක් ඉස්ලාමයට විරුද්ධයි. අහමදියා මුස්ලිම් සභාවේ සමීක්ෂණයකින් හෙළිවේ.

colombotoday

නාමලේඛනය රැගෙන ඒමට ගිය සිසිවියට අත්වූ ඉරණම

Admin

ආහාර බහාලුම් දහසක් කොළඹ වරායේ හිරවෙයි

colombotoday

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

colombotoday

කොරෝනා අසාදිතයින්ට ප්‍රතිකාර සදහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට

colombotoday

2015 දී කොටස් වෙළෙපොළ 5.54% කින් පහළට. ආයෝජකයෝත් යන්න ගිහින්

colombotoday