Colombo Today Local News

වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

නොවැම්බර් මස 30 වන දා සහ දෙසැම්බර් මස 5 වන දා අධිසුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් මෙරටට පැමිණි සංචාරකයින් පිරිස හේතුවෙන් වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇතැයි කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ අනුව, නොවැම්බර් මස 30 වන දා පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් දෙනෙකු වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ ඇති අතර එදින වන ජීවී දෙපාර්තමේන්තුව ලද ආදායම රුපියල් 6,219, 560ක් බව කෘෂිකර්ම වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යංශය පවසයි.

එමෙන් ම, දෙසැම්බර් මස 5 දින පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86 දෙනෙකු වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් ඇති අතර එමගින් ලැබුණු ආදායම 9,81,981ක් බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

මහින්ද අමරවීර මහතා විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන්හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා උපරිම කාලයක් ලැබෙන පරිදි ප්‍රවේශපත් නිකුත් කරන කවුළු ප්‍රමාණය වැඩිපුර විවෘත කර තබන්නැයි වන ජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

එමෙන් ම, ඉදිරියේ දී මෙරටට පැමිණීමට නියමිත අධිසුඛෝපභෝගි නෞකාවලින් පැමිණෙන සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නේ නම් ඊට පෙර සංචාරක අමාත්‍යංශය සමග සම්බන්ධ වී අදාළ කටයුතු විදිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

Related posts

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ රතු නිවේදන

colombotoday

සිරගෙදර ලගින්න ඕන ගෝඨාභය ජනාධිපතිවරණයට ඇවිල්ලා – කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ

colombotoday

ප්‍රභාකරන් මළ දා ජාත්‍යන්තර ශෝක දිනයක් කිරීමට යෝජනා වෙයි

colombotoday

මත්පැන් බෝතල්වල ව්‍යාජ ස්ටිකර් ඇලවීමේ ජාවාරම කරන සමාගම්වල බලපත්‍ර අහෝසි කරන්නැයි උපදෙස්..

Admin

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව වෙත දීමේ තීරණයට විරෝධය

colombotoday