අත්සන් තැබීමට යෝජිත ඉන්දු – ලංකා වෙළද ගිවිසුමට එරෙහිව වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සංගම් ඒකාබද්ධව දැවැන්ත විරෝධතාවක් අද කොළඹදී පැවැත්වීය.
ඉතිහසයේ ප්‍රථම වතාවට රජයේ වෛද්‍යවරුන්ද මෙම විරෝධතාවට එක්වීම විශේෂත්වයක් වන අතර ”ඉන්දියාවට රැකියා -අපිට විරැකියා , ETCA හකුළා ගනියව් !, ETCA ලංකාවේ විරැකියාවට විසදුමද ? ඉන්දියාවට ආදරේ පා රටට රහසින් ගෙනෙයි සිපා ” යනුවෙන් සටහන් කල විරෝධතා පුවරුද රැගත් දහසකට අධික වෘත්තීයවේදීන් පිරිසක් එයට එක්ව සිටියහ.