Colombo Today Local NewsHot News

පොලවේ ඉදන් හඳ අල්ලන සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත

globle lifestyle
කඩදාසි කොලයක් අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න. එය නැවතත් දෙකට නමන්න. මේ ආකාරයට කඩදාසි කොලය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක් තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත.

එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක් ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක් නොවේ. එවැනි කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් දෙකට නැමුවහොත් එයින් ලැබෙන කඩදාසි අට්ටියේ ඝනකම පොළවේ සිට හදට ඇති දුරට සමාන වනු ඇත.

ඔබට කිසිසේත්ම විශ්වාස කිරීමට අසීරු මේ අගය ඝනනය කරන ලද්දේ සෝවියට් ගණිතඥ වයි.පෙරල්මාන් විසිනි. අධි වේගයෙන් ඔබ ලක්ෂපතියකු කරන බව කියන කූට ජාවාරමක ප්‍රෝඩාව ගණිතමය වශයෙන් වටහාගැනීම සදහා ඔබ මේ උදාහරණය සිත්හි තබාගෙන මේ ලිපිය කියවනු මනාය.

අරුම පුදුම සල්ලි මැෂිම

උත්සාහය තිබේ නම් ඉතා ලේසියෙන් සතියකට ලක්ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන අරුම පුදුම ව්‍යාපාර කීපයක් කලක සිට රට පුරා ව්‍යාප්ත වෙමින් තිබේ. මේ ගැන දීර්ඝ හැ`දින්වීමක් නොකළ යුතු තරමටම අද මේ ජාවාරම් රටේ ප‍‍්‍රචලිතය. බම්බලපිටියේ පිහිටා ඇති ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් නැමති සමාගම මීට අදාල වඩාත් ප‍‍්‍රසිද්ධම හා බලවත්ම ආයතනයකි.

ඔවුන්ගේ ප‍‍්‍රධාන ජාවාරම වන්නේ පිරමිඩ ක්‍‍්‍රමයට අනුව සෝලා පැනල් අලෙවි කිරීමය. මේ සමාගම මගින් අලෙවි කරන තවත් විවිධ භාණ්ඩ, සේවා මෙන්ම මේ හා සමාන ජාවාරම්වල නිරත වෙනත් සමාගම්ද මේ රට තුළ කි‍‍්‍රයාත්මක වන අතර, අද වනවිට ඉන් වඩාත්ම ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමය.

මේ මගඩිය පිළිබ`ද කලක සිට විවිධ මාධ්‍ය ඔස්සේද හෙළිදරව් කර ඇති අතර, මෙවන් ජාවාරම්වල ස්වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබේ. එසේ වුවද නීතිය හිල්වලින් රිංගා යමින් මේ ජාවාරම තවමත් මහ දවාලේ කි‍‍්‍රයාත්මක වෙයි.

මේ ලිපියේ අරමුණ වන්නේ මෙවන් ව්‍යාපාර ගැන දැනටමත් බොහෝ දෙනා දන්නා කරුනු නැවතත් විස්තර කිරීම නොවේ. ඒ වෙනුවට මෙහි අරමුණ වන්නේ මේ ව්‍යාපාර ප්‍රෝඩාවක් වන්නේ කෙසේද යන්න ගණිතමය වශයෙන් පැහැදිලි කරදීමය. එය ඉතා සරල ගණිතමය කාරණයක් වුවද බොහෝ දෙනා ඒ ගැන කල්පනා නොකිරීම මේ ජාවාරම්වලට හසු වීමට ප‍‍්‍රධාන හේතුවකි. එහෙයින් ඔබ මේ පිරමිඩකරුවන්ගේ සුරංගනා කතාවලට නොරැුවටී සිටීමට අදාල වැදගත්ම තුරුම්පුව වන්නේ මේ සරල ගණිතය කුමක්දැයි වටහා ගැනීමය.

ජාවාරම කි‍‍්‍රයාත්මක වන ආකාරය

විවිධාකාර පිරමිඩ ව්‍යාපාර අතරින් වඩා ප‍‍්‍රචලිතම එකක් වූ සෝලා පැනල් ජාවාරම මුල් කරගනිමින් මේ කාරණය පැහැදිලි කරගනිමු. මේ ඊනියා ව්‍යාපාරයට සම්බන්ධ වන ඔබ මුලින්ම කළ යුත්තේ රුපියල් හැටඑක්දාස් හත්සීයක් (ඉතා මෑතකදී මේ මිල තවත් ඉහල දමා තිබේ.

ගෙවා සෝලා පැනල් කට්ටලය මිලදී ගැනීමය. එහෙත් මෙහි සැබෑ වෙළදපල වටිනාකම රුපියල් දසදහසක් පමණ වන අතර මේ උපකරණයේ ප‍‍්‍රායෝගික වටිනාකම නොගිණිය හැකි තරම්ය. ඒ මන්දයත් ආලෝකය ඉතා අඩු විදුලි බල්බ හතරක් දැල්වීම සදහා පමණක් ප‍‍්‍රමාණවත් වන මේ උපකරණයෙන් නිවසක විදුලි බිල අඩු කිරීම සදහා කිසිදු ප‍‍්‍රමාණවත් බලපෑමක් කළ නොහැකි බැවිනි.

ඒ අනුව පළමුව ඔබ මේ බලූ නොවටිනා උපකරණය රුපියල් හැටඑක්දහස් හත්සීයක් ගෙවා මිලදී ගත යුතුය. ඊළගට ඔබ කළ යුත්තේ ඔබේ තවත් හිතවතුන් දෙදෙනෙකුට මේ උපකරණ අලෙවි කිරීමය. ඒ දෙදෙනා තවත් දෙදෙනෙකුට මෙය අලෙවි කළ යුතුවෙයි. මේ ආකාරයට අලූතින් මේ ජාවාරමට ඈදෙන සෑම පුද්ගලයෙක්ම අවම වශයෙන් නව සාමාජිකයන් දෙදෙනෙකු ඊට ඈදා ගත යුතුය.

ඒ අනුව මෙය දෙකේ ගුණාකාරවලින් වැඩිවෙමින් පිරමිඩාකාරව පහතට විහිදෙන අලෙවි ජාලයකි. (රූප සටහන බලන්නෆ ඊට සම්බන්ධ වී කඩිනමින් පෝසත් වන්නට බලාපොරොත්තු වන අයෙකුු කළ යුතු වන්නේ දෙකේ ගුණාකාර ඔස්සේ තමාගෙන් පහතට විහිදෙන මේ ජාලය හැකිතාක් විශාල කිරීමය. හැකි තාක් අලූත් සාමාජිකයන් ජාලයට එකතු කරගැනීමය. එවිට අලූතින් අලෙවිවන සෑම සෝලා පැනල් කට්ටලයක් හරහාම කොමිස් මුදලක් එහි ඉහල සාමාජිකයන් අතට පත්වන අතර ඔබට සතියට ලක්ෂ පහලව දක්වා ඉපයිය හැකි බව කියන්නේ මේ ආකාරයට ලැබෙන කොමිස් මුදල මගිනි.

බැලූ බැල්මට මෙය ලස්සන කතාවකි. මෙම ව්‍යාපාරය සදහා පුද්ගලයන් පොළඹවා ගනු ලබන්නේද මුළුමනින්ම හැගීම්බර කතා සහ සුරංගනා සිහින මවා පෙන්වමිනි. තර්ක බුද්ධියට, ප‍‍්‍රශ්න කිරීම්වලට කිසිදු ඉඩකඩක් නොතබමිනි. කල්පනා කර, කරුණු විමසා තීරණයක් ගැනීමට නව සාමාජිකයන්ට ඇති නිදහස ඉතා කූට උපක්‍‍්‍රම ඔස්සේ උල්ලංඝනය කරමිනි. කිසිවෙකුගේ අවවාද නොතකා ඔවුන් කියන ආකාරයට කටයුතු කළහොත් ඔබට ඉතා කෙටි කාලයකින් අති විශාල ධනවතෙකු විය හැකි බව දහ අතේ දිවුරමිනි.

ධනාත්මක චින්තකයන්ද ඈදාගනිමින් සිදුකෙරෙන මේ රැුවටිලි කතාවෙන් බොහෝ පුද්ගලයන් මෝහනයට පත් වන අතර, තතු දන්නා අය පවා මුදල් අවශ්‍යතාවය නිසාම මෙය අත්හදා බැලීමට යොමුවෙති. ඇත්තෙන්ම මේ ජාවාරමෙන් වේගයෙන් පොහොසත් විය හැකි බව සම්පූර්ණ බොරුවක්ද නොවේ. එසේ පෝසත් වූ පිරිසක් රටපුරා සිටිති. එසේ නම් මෙහි ඇති අර්බුදය හෝ නරක කුමක්ද? අප මීළගට කළ යුත්තේ ඒ කාරණය ආචාර ධාර්මික වශයෙන් හා ගණිතමය වශයෙන් අවබෝධ කරගැනීමය.

මෙය ප්‍රෝඩාවක් වන්නේ ඇයි?

මෙහි ඇති රූප සටහන විමසිල්ලෙන් අධ්‍යයනය කරන්න. එහි පෙන්වා ඇති අන්දමට මෙම අලෙවි ජාලය පහතට විහිදෙන්නේ දෙකේ ගුණාකාර වශයෙනි. එක, දෙක, හතර, අට, දාසය, තිස්දෙක, හැටහතර ආදී වශයෙන් පහතට විහිදෙන මේ සාමාජික සංඛ්‍යාව මුලදී සුළු වේගයකින් වැඩි වුවද, එය පහතට යන විට වැඩිවන්නේ අසීමිත වේගයකිනි. මේ ව්‍යාපාරයෙන් සුළු පිරිසකට කඩිනමින් මුදල් උපයාගත හැකිවීමේ රහස මෙන්ම මේ ව්‍යාපාරයේ අර්බුදයට යාමේ හේතුව ඇත්තේද මෙතැනය. වේගයෙන් වැඩිවන පිරිස නිසා ඉහල සිටින අයගේ ආදායමද වේගයෙන් ඉහල යනවා සේම, ඒ වේගයටම අනුව මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිසද දිනෙන් දින අඩුවී යයි.

ඒ තත්ත්වය කොතෙක්ද යත් මේ ව්‍යාපාරය සිදුවන ක්‍‍්‍රමයට අනුව මේ සාමාජික ජාලය පහතට වර්ධනය වුවහොත් ස්ථර විසි පහකදී එය ලංකාවේ ජනගහන මට්ටමද ඉක්මවා යයි. ස්ථර තිස් හතරකදී එය ලෝක ජනගහනයද ඉක්මවා යයි. එහි තේරුම වන්නේ මේ ව්‍යාපාරය ව්‍යාප්ත වීමේ වේගය අනුව ඉතා කෙටි කාලයකදී එයට මේ රටේ මිනිස්සු ප‍‍්‍රමාණයද නිසැක ලෙසම මදිවන බවය. මුදල් යෙදවීමට මිනිසුන් මදිවන විට සිදුවන්නේ පිරමිඩයේ ඉහල පිරිස් තාවකාලිකව පෝසත් කරමින් පහල සිටින අති විශාල පිරිසකට යොදවන මුදල පවා නිසැක වශයෙන්ම අහිමි වී යාමය.

ජනගහනය මදිවීම

මේ ජනගහන කතාව ඇසූ පමණින් බොහෝ දෙනකු එකවරම සිතන්නේ එය තව වසර ගණනාවකින් සිදුවන, අද හෙට කරදර නොවිය යුතු ප‍‍්‍රශ්නයක් ලෙසය. වසරින් වසර රටේ ජනගහන සංයුතිය වෙනස් වීමද ඊට හේතුවක් විය හැකි බවය. ඒ නිසා තමන්ට උත්සාහය ධෛර්යය තිබේ නම්, විශාල මිතුරන් පිරිසක් සිටී නම් ඉතා සාර්ථකව මේ ව්‍යාපාරය සිදුකළ හැකි බවය. එහෙත් එය කිසි ලෙසකින්වත් එසේ නොවේ. දෙකේ ගුණාකාර ඔස්සේ දිවෙන මේ සංඛ්‍යා රටාව අනුව ජනගහනය මදි වීමේ ගැටලූව ඉතා කෙටි කාලයක් තුළ ඉස්මතු වන්නකි.

සෑම වසරකම අවුරුදු දහඅටට වැඩි පිරිසක් ජනගහනයට අලූතින් එකතු වුවද, මේ පිරමිඩයේ වර්ධන වේගයට අලගු තැබීමටවත් එය ප‍‍්‍රමාණවත් නොවේ. පනස් හය වතාවක් කඩදාසියක් නැමීම පිළිබද මේ ලිපියේ මුලින් දක්වා ඇති කාරණය නැවතත් සිහිනගා ගන්න. මේ සංබ්‍යා රටාවේ නොසිතූ විරූ වර්ධන වේගය වටහා ගැනීමට එය කදිම උදාහරණයකි.

ප‍‍්‍රායෝගිකව ගත්විට රටක සමස්ථ ජනගහනයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැක්කේ කිසියම් පංගුවකට පමණි. ඒ පිරිසද කිසිසේත්ම සම්පූර්ණයෙන් මේ ව්‍යාපාරයට සම්බන්ධ නොවේ. එහෙයින් ප‍්‍රායෝගිකව මේ පිරමිඩය පහතට වැඩෙන්නේ එහි අතර මැද හිස් තැන් විශාල ප‍‍්‍රමාණයක් ඉතිරි කරමිනි.

එහෙත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමේ හැකියාව ඇති මිනිසුන් සංඛ්‍යාව දිනෙන් දින අධික වේගයෙන් පහත වැටීම ඒ කිසිවකින් වලකාලිය හැක්කක් නොවේ. අනෙක් අතින් අතරමැද හිස්තැන් ඉතිරි වීම යනුද විශාල පිරිසකට දැනටමත් යෙදවූ මුදල අහිමි වීමකි. ඒ අනුව මේ පිරමිඩාකාර සාමාජික ජාලය පූර්ණ ලෙස වැඩුනත්, අසම්පූර්ණ ලෙස වැඩුනත් එය ඉතා වේගයෙන් අර්බුදයට යාම හා අති විශාල පිරිසක් අනිවාර්යෙන්ම අමාරුවේ වැටීම වැලැක්විය හැකි නොවේ.

ඒ අනුව ඔබ කෙතරම් උත්සාහවන්තයෙක් වුවත්, ඔබට කෙතරම් සමාජ සම්බන්ධතා තිබුණත්, ඉහත කී ගණිතමය ඇත්තට පිටුපා ඔබට මේ ව්‍යාපාරය සාර්ථක කරගත හැකි නොවේ. ඔබ මෙය සාර්ථකව සිදුකළද ඔබේ සාර්ථත්වය වෙනුවෙන් විශාල පිරිසක් අමාරුවේ වැටීම වැලැක්විය හැකි නොවේ. මෙයින් ඉක්මන් පෝසතුන් වූ සුුළු පිරිසක් සිටින බව ඇත්තක් වුවද මේ ව්‍යාපාරය ඔස්සේ කාට වුවද ඉදිරියට යා හැකි වන්නේ ඉතා කෙටි කාලයකි.

දිනෙන් දින මේ ව්‍යාපාරයට සම්බන්ධ විය හැකි පිරිස අධික වේගයෙන් පහත වැටෙන අතර මේ ව්‍යාපාරය දැනටමත් ඒ අර්බුදයට තදින්ම මුහුණ දී තිබෙන්නකි. නිකමට ඔබ මේ ව්‍යාපාරය පිළිබ`ද දන්නා හ`දුනන කීප දෙනෙකුගෙන් විමසා බලන්න. දහදෙනෙකුගෙන් අට දෙනෙකුටවත් දැනටමත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වන ලෙස කාගෙන් හෝ කූට ඇරයුමක් ලැබී හමාරය. අද මේ රටේ සෑම අස්සක් මුල්ලක් පාසාම බෝ වී සිටින සෝලා ජාවාරම් කාරයන් දන්නා සියලූ දහං ගැට යොදමින්, තවත් අය මීට සම්බන්ධ කරගැනීමට වලිකමින් සිටිති. මෙහි ඇති වංචනික බව හා අප‍‍්‍රායෝගික බව වටහාගන්නා ඇතමුන් පාඩුව දරාගෙන නිහ`ඩ වුවද, තවත් සමහරුන්ගේ උත්සාහය වන්නේ දැන දැනම හෝ තමන් යෙදවූ මුදල නැවත සොයාගැනීමේ අටියෙන් මේ ජාවාරමට දායක වීමය.

fgjf

වංචාවේ තරම

මේ ජාවාරම් ගැන අවශ්‍ය නම් තව ලිවිය හැකි දේ බොහෝ වුවද ලිපියේ ඉඩකඩ සලකා දැනට ඒවායේ මූලික ලක්ෂණ මෙසේ පිඩු කළ හැකිය.

1 බොරුව, වංචාව හා සුරංගනා කතා මගින් පුද්ගලයන් පොළඹවා ගැනීම.
2 අතිශය නොවටිනා භාණ්ඩයක් ප්‍රෝඩාකාරී ලෙස අති විශාල මුදලකට අලෙවි කිරීම.
3 මේවා ලංකාව ඇතුළු බොහෝ රටවල තහනමට ලක්ව ඇති නීතිවිරෝධී ව්‍යාපාර වීම.
4 නීතියේ හිල්වලින් රිංගා මේ ව්‍යාපාර ක්‍‍්‍රියාත්මක කළද එයින් සිදුවන සමාජ හානියේ කිසිදු අඩුවක් නොවීම.
5 ගණිතමය වශයෙන් ඔප්පු කළ හැකි පරිදි කෙටි කලක් තුළ සිදුවන අධික ව්‍යාප්තිය හා ජනගහනය ප‍්‍රමාණවත් නොවීම මත ඉතා කෙටි කළකින් මේ පිරමිඩය අර්බුදයට යාම හා බි`දවැටීම.
6 සුළු පිරිසක් වංචාකාරී ලෙස වේගවත් ධනවතුන් බවට පත්වෙමින් මීට සම්බන්ධ වන සීයට අනූවකට වැඩි පිරිසකට තමන් යෙදවු මුදල පවා අහිමි වීම.

මේ ආකාරයට අද රට පුරා මේ ජාවාරමට හසුවී මුදල් මෙන්ම තම මිතුරන්ද අහිමි කරගත් පිරිස අති විශාලය. එසේ වුවද බොහෝ දෙනා ලැජ්ජාව ආදී හේතු නිසා මේ බව සගවා ගෙන සිටීමටද පෙළඹෙති. ඊට අමතරව මෙවන් ජාවාරම් නිසා නීතිය ඉදිරියේද ඔබ වැරදිකරුවෙකු විය හැකිය.

මේ ව්‍යාපාරයේ නිසග ස්වභාවය අනුවම එය ඉතා විනාශකාරී සූදුවක් මිස කිසිසේත්ම සාධාරණ හා ප‍්‍රායෝගික ව්‍යාපාරයක් නොවේ. ඔබ ඊයේ හෝ අද මේ ව්‍යාපාරයට සම්බන්ධ වී සුළු හෝ විශාල මුදලක් උපයා ගත්තද, මේ හරහා තවත් අති විශාල පිරිසකට තමන්ගේ මුදල අහිමි වීම කෙසේවත් වලකාලිය හැක්කක් නොවේ. මේ පිළිබ`ද වැඩි විස්තර අවශ්‍ය අයෙකුට ශී‍‍්‍ර ලංකා මහ බැංකුවෙන්ද ලබාගත හැකිය.

(ශ‍‍්‍රී ලංකා මහ බැංකුව, 30, ජනාධිපති මාවත, කොළඹ 1. දුරකතන – 2477418/ 2477639* මහ බැංකුව මේ සම්බන්ධව පති‍‍්‍රකා නිකුත් කිරීම පමණක් කිසිසේත්ම ප‍‍්‍රමාණවත් නොවේ. වගකිව යුතු සියල්ලෝ මේ සම්බන්ධව වහ වහා කි‍‍්‍රයාත්මක විය යුතුය.

-ඉසුරු ප්‍රසංග

Related posts

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday

දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය : CIDය හිටපු ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස්ගෙන් ප්‍රශ්න කරයි

Admin

චෝදනා විමර්ශනයට විදෙස් විනිසුරුවන් ගේන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

colombotoday

අරගල කරලා ආණ්ඩුව එළවයි කියලා දැන් බයක් සැකක් තියාගන්න එපා.. දරුවන් සිරකිරීම අසාධාරණයි

Admin

මේ ආණ්ඩුව ආ දා පටන් තර්ජණ වැඩිවුණා.. පන්සලයි, සිංහල ගමයි ඉවත්කරගන්න කියා TNAඑක තර්ජණය කරනවා

colombotoday

මහා බදු වංචාවක්.. එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ සමාගම බ්ලැක් ලිස්ට්

colombotoday