වැඩිහිටියන් රැක බලා ගැනීමට විධිමත් පුහුණුවක් ලත් පිරිස් නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇතැයි, ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.
වාර්ෂිකව මෙරට වැඩිහිටි ජනගහනය ඉහළ යමින් ඇති බව එහි අධ්යක්ෂ කපිල ලැනරෝල් මහතා ප්රකාශ කරයි.
ගැටලුවට පිළියම් ලෙස වැඩිහිටියන් රැකබලා ගැනීම සඳහා ශ්රමිකයින් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ඔහු සදහන් කරයි.