Colombo Today Local News

වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සොයන්න කමිටුවක්..

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සෙවීමට කමිටුවක් පත් කර තිබේ.

මෙම කමිටුව විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති අතර වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ, ලේකම් කේ. ඩී. එස්. රුවන් චන්ද්‍ර මහතා සදහන් කරන්නේ, සාමාජිකයින් තුන් දෙනෙකුගෙන් එම කමිටුව සමන්විත බවයි.

කමිටු සාමාජිකයින් ලෙස පත් කර ඇත්තේ එම්.ඩී.එස්.ඒ. පෙරේරා, ගාමිණි කුමරසිරි හා කේ.ජී.පී.වසන්ත ගමගේ යන මහත්වරුන්.

වරාය අධිකාරියේ වෘත්තිය සමිති නියෝජිතයින්ට මෙන්ම අනෙකුත් පාර්ශවලට අධිකාරියේ සිදුව ඇතැයි කියන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

එම පැමිණිලි සියල්ල විමර්ශනය කර මාස 6 ක් ඇතුළත කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදිමට නියමිත බව අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කරයි.

Related posts

කටාර්හි වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් මරුට

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

රිෂාඩ්ගේ බිරිය ඇතුළු සිව්දෙනා රිමාන්ඩ් | දැරියගේ මෘත ශරීරය ගොඩ ගැනීමටත් නියෝග

colombotoday

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

24-30න් විවාහ වෙන්න,රජයෙන් නිවාසයක්

Admin

තව්හිද් ජමාත් සංවිධානයට සන්නද්ධ පුහුණුව ලබා දුන් ආමි මුහදීන් අත්අඩංගුවට.

colombotoday