ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙක් අතුරුදන්ව තිබේ.
පොලීසිය පැවසුවේ ඊයේ (19) දහවල් කාලයේ පලාලි පොලිස් වසමේ ඇන්ටනිපුරම් ධීවර සංගමයට අයත් බෝට්ටුවකින් ඇන්ටනිපුරම් ප්රදේශය ආසන්නයේ දී එම පුද්ගලයා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවය.
පලාලි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 56ක් වූ ඇන්ටනිපුරම් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව හා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.