පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුකළ විමර්ශනයට අදාළව අනාවරණය කරගත් තොරතුරු මත සැකකරුවන් දෙදෙනා ඊයේ (14)දින පේරාදෙණිය පොලීසියට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට පත්ව ඇත.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 23ක් හා 24ක් වන බෙලිහුල්ඔය සහ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.