Colombo Today Local News

ආදානිගේ ව්‍යාපෘතියක් යලි සලකා බැලේ

ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව යළි කරුණු සලකා බැලීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි.

එම සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකර ගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (14) කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම් දීම කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළ අතර වනජීවී හා ස්වභාවික සම්පත් ආරක්ෂක සංගමය, පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

අදාළ පෙත්සම් අද එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

Related posts

අගමැතිගේ හොරගල් ඇහිලීම හා අලුත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි…

colombotoday

හෙට සිට ජනතාවට නෙලුම් කුළුණ විවෘතයි

colombotoday

ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

colombotoday

ලාබ බෝතලේට කොක්කක්

Admin

SAITM තීන්දුව පිලිගන්න වෙනවා.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ

colombotoday

රටේ නීතියටත් වඩා බලවත් නීතියක් ගැන පොලිස්පති කියයි !

colombotoday