Colombo Today Local News

පාස්කු ප්‍රහාර මාලාවේ නඩුවක් කල් යයි

පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළැයි මුස්ලිම් පූජකවරු ඇතුළු 25කට එරෙහි පවරා ඇති නඩුවේ විභාගය ලබන මාර්තු 3 වැනි දා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

නීතිඥවරුන් පෙනී නොසිටි නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 9 දෙනකු වෙනුවෙන් රජයේ වියදමින් නීතිඡවරුන් පත් කළ අධිකරණය අධිකරණ පරීශ්‍රය තුළදී නීතිඥවරුන්ට විත්තිකරුවන් හමුවී නඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවසර දෙන ලෙස බන්ධනාගාරනිලධාරින්ට නියම කළ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට බාරදි තිබූ අධි චෝදනා පත්‍ර ඇතුළු අමිණුම් එම නීතීඥවරුන්ට බාරදිමට පියවර ගන්නා ලෙස නියම කළේය.

දමිත් තොටවත්ත, අමල් රණරාජා, සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණි.

Related posts

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

Admin

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

colombotoday

අලි ඝාතකයින්ට මනුෂ්‍ය ඝාතන දඬුවමක් දෙන්න

Admin

මනුෂ නානායක්කාර කියන්නේ කුට්ටියට පනින කෙනක්. පවුල් දෙකක් තුනක් නඩත්තු අරන්නත් තියෙනවනේ

colombotoday

සෝභිත නාහිමියන්ගේ ශ්‍රී දේහය මව්බිමට වැඩම කරවයි

colombotoday

මාස තුනකින් වැඩිහිටි දීමනාව ලබා දී නැහැ

Admin