Colombo Today Local News

විශ්වවිද්‍යාල තුළට මත්ද්‍රව්‍ය පැමිණීම ගැන පරීක්ෂණ කරන්න – ජනපතිගෙන් ආරක්ෂක අංශයට උපදෙස්

විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශවෙත උපදෙස් ලබාදී තිබේ.

අද (13) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

මේ අතර, විශ්වවිද්‍යාල පද්ධතිය රැකගත හැක්කේ, විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බවත් එවිට බියෙන් හා සැකයෙන් තොරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමට අවකාශය හිමිවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන…

“මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාව කොළඹ විශ්වවිද්‍යාලය තුළ මරා දැමීමේ සිද්ධියේ පටන් විශ්වවිද්‍යාල ආචාර්යවරු තමන්ගේ කාමර ඇතුළේ හිරකරලා, ශිෂ්‍යයන් විසින් විවිධ වධහිංසනයට ලක්කිරීම වැනි ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. විශ්වවිද්‍යාල තුළ දී සිසුන් මරා දැමීම පිළිබඳ ඉතිහාසයක් අපිට තියෙනවා. ඒ ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙමින් පවතින තත්ත්වයන් පිළිබඳවත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය යෙදවීම පිළිබඳවත් පුළුල් පරීක්ෂණයක් කරලා මේ රටේ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ට මෙන්ම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට බියෙන් හා සැකෙන් තොරව විශ්වවිද්‍යාලය තුළ ගැවසීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නට කියලා ජනාධිපතිතුමා විශේෂයෙන් ආරක්ෂක ඇමතිතුමාට හා නීතිය භාර සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියා.”

Related posts

බන්ධනාගාර තුළ මෙහෙයුම්වලින් ජංගම දුරකථන 5,000 ක් අත්අඩංගුවට

colombotoday

ග්‍රීන් සුපර් වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද විවෘත වෙයි

colombotoday

නව අමාත්‍යාංශ දෙක ධම්මික පෙරේරාට?

colombotoday

පරික්ෂා කලායැයි කෝප වී සිවිල් ආරක්ෂක භටයාට පහර දුන් පොහොට්ටුවේ මන්ත්‍රී බන්ධනාගාර ගත කෙරේ

colombotoday

විජයකලා ඇමතිකමින් ඉවතට..! තීරණය ජනපති අතේ…

colombotoday

ධර්මිෂ්ඨ සමාජයක්‌ ගොඩනඟනවා යෑයි බොරු කියා බලය ගත්තා – බෙල්ලන්විල හිමි

colombotoday