ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12)දින පැවැත්වීමට නියමිත ය.
අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.
මෙහිදී වැටුප් ගැටලුවට සාධනීය විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.