Colombo Today Local News

කෝටි 02ක දුම්වැටි තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර තිබූ කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් සමග සැකකරුවෝ දෙදෙනෙක් විශේෂ කාර්ය බළකාය විසින් කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සතුව නීතිවිරෝධී දුම්වැටි 2,64,200ක .ප්‍රමාණයක් තිබු බව විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම නීති විරෝධී දුම්වැටි ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකක⁣ (2) වෙත ලැබුණු තොරතුරු මත මෙම වැටලීම් සිදුකර ඇත.

කැළණිය පොලිස් වසමේ ගෝනවල, කොහොල්විල මාර්ගයේ දී දුම්වැටි 6800 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරී⁣මේ දී කැලණිය , කොහොල්විල මාර්ගයේ නිවසක් සෝදිසි කිරීමේ දී එම නිවසේ තිබී තවත් දුම්වවැටිි 257,000 ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

“ග්‍රාම රාජ්‍ය, නගර රාජ්‍ය” සංකල්පයට අනුව අපි ගම හදා රට හදනවා

colombotoday

ඩිපෝ කිහිපයක ලංගම බස් වර්ජනයක්

Admin

රිජ්වේ ආර්යා ළමා රෝහලට එන ඩෙංගු වැලඳුණු ළමුන් ඉහළ යයි

Admin

ජනාධිපතිතුමා කටයුතු කළේ ඊළඟ මැතිවරණය බලාගෙන නෙමෙයි – අමාත්‍ය සරත් වීරසේකර කියයි

colombotoday

කිරිඇල්ල වහා ඉල්ලා අස්වෙනු! නැතහොත් ඉවත් කරනු !!- නිර්මාල් රංජිත් දැඩි විරෝධයේ

colombotoday

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ඇදිරි නීතිය

colombotoday