අද ක්‍රිකට් පරිපාලනය කරන්නේ සූදු ව්‍යාපාරිකයන් බවත් එම නිසා ක්‍රීඩකයින් සීදුවට සම්බන්ධ නොවේ යැයි බලාපොරොත්තු විය නොහැකි බවත් අර්ජුන රණතුංග අමාත්‍යවරයා පවසනවා.
‘ඉස්සරහට මේ වගේ දේවල් වැඩියෙන් සිදුවෙයි. අද ක්‍රිකට් පරිපාලනය කරන්නෙ සූදුවට සම්බන්ධ අය. ක්‍රීඩකයින්ට සූදුවට සම්බන්ධ වෙන්න එපා කියලා අපෙි කොහොමද කියන්නේ. යහපාලන ආණ්ඩුවේ වැරදි මේවා තමයි. මට කියන්නේ තියෙන්නේ මෙය යහපාලන ආණ්ඩුවෙන් රටෙත් අවාසනාව කියලා තමයි’
ඔහු මෙලෙස පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයින් තරග පාවාදීමට සම්බන්ධ කර ගැනීමට කර ඇති උත්සායහන් සම්බන්ධයෙන් අදහස් පල කරමින්.