Colombo Today Local News

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

විශ්‍රාම වැටුපෙන් මුදලක් මාසිකව කපාගෙන සියලු විශ්‍රාමිකයන්ට අග්‍රහාර විශ්‍රාම ක්‍රමය හඳුනවා දීමට පියවර ගෙන තිබේ.

පසුගිය පළමුවැනිදා සිට අදාළ රක්ෂණ ක්‍රමයට විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගැනීම ආරම්භ වී ඇත.

ඒ අනුව අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයන්ගෙන් මාසිකව රුපියල් 400ක් සහ අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයන්ගෙන් රුපියල් 600ක මුදලක් අය කරනු ලැබේ.

මෙම රක්ෂණ ක්‍රමයට අකමැති 2016 ජනවාරි පළවෙනිදාට පෙර විශ්‍රාම ගත් අයට, ඔක්තෝබර් 29 සිට සති දෙකක් තුළ සිය අකමැත්ත විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ වෙත ලිඛිතව දැනුම් දිය හැකි අතර සති දෙකකට පසු එවන අකමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපි වලංගු නොවනු ඇත.

මේ කාලය තුළ ප්‍රතිචාර නොදක්වන්නේ නම් කැමැත්ත පළ කළා සේ සලකා වැටුපෙන් මුදල් කපා ගැනීම සිදු කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

Related posts

ONMAX DT අධ්‍යක්ෂවරු රිමාන්ඩ්

Admin

මම හෙළිකොප්ටරෙන් යනකොට පා ගමන දැක්කා.. සෙනග නෑනේ.. සෙනග ඉන්න පොටෝ හදපු ඒවා

colombotoday

සිතුසේ ගෙන්නපු සතොසේ ටොන් 70,000ක සහල් මගඩිය…

colombotoday

දියර කිරි ලීටරයක් රු. 100 බැගින් ගොවීන්ගෙන් මිලදී ගන්නැයි ජනපතිගෙන් උපදෙස්..

colombotoday

EPF, ETF එක්කිරීමේ රහස ගම්මන්පිල හෙළිකරයි

colombotoday

චන්ද්‍රිකාගේ සංහිදියා බලකායේ වාර්තාව රජයට.. විදෙස් විනිසුරුවන් ගෙන්වන්න නිර්දේශ කෙරේ

colombotoday