Colombo Today Local News

දෙමටගොඩ රුවන් සහ සහෝදරයාගේ බිරිඳ සතුව තිබූ සුඛෝපභෝගී වාහන 4 ක් CID භාරයට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් සහ ඔහුගේ සහෝදරයාගේ බිරිඳ සතුව තිබූ නීතිවිරෝධී අකාරයෙන් උපයා ගත් තවත් සුඛෝපබෝගී මෝටර් රථ 4 ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒවායේ වටිනාකම රුපියල් කෝටි 4 කට අධික බවයි.

පසුගිය ඔක්තෝබර් 29 වනදා දෙමටගොඩ රුවන් අත්අඩංගුවට ගත් අතර එහිදී මිලදී ගත් ආකාරය හෝ මිලදී ගැනීමට මුදල් උපයා ගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකි වූ රුපියල් ලක්ෂ 1800 කට වැඩි වටිනාකමක් ඇති වාහන, රුපියල් ලක්ෂ 225 කට වඩා වටිනා රත්‍රං ද අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනිණ.

ඒ අනුව සිදු කළ වැඩිදුර විමර්ශනවලදී සඟවා තිබූ ජීප් රථ දෙකක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එකක වටිනාකම, ලක්ෂ 70 කට අධික බවත් අනෙක් ජීප් රථයේ වටිනාකම රුපියල් ලක්ෂ 200 කට වඩා වටිනා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඊට අදාළව වැඩිදුරටත් විමර්ශන සිදු කිරීමේදී දෙමටගොඩ රුවන්ගේ සහෝදරයෙකු වන දැනට සිරගතව සිටින දෙමටගොඩ චමින්ද යන අයගේ බිරිඳ භාරයේ තිබී රුපියල් ලක්ෂ 200 කට වඩා වටිනා ජීප් රථයක් සහ වටිනාකම අනාවරණය නොවූ මෝටර් රථයක් ද CID භාරයට ගෙන තිබේ.

අදාළ කාන්තාව දැනට බොරැල්ල ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වා ගෙන යන තැනැත්තියක බවට අනාවරණය වී ඇතැයි, ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

අයවැයට සහ වැට් පනතට කතානායක සහතික

Admin

රාජ්‍ය ඇමති හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි…

colombotoday

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නව නීති පනවයි. පැය 72 ක් ඇතුලත ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණයක් අනිවාර්යයි.

colombotoday

ඊයේ හදුනා ගත් කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු – ගැබිණි කාන්තාවකුත් ඒ අතර

colombotoday

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

colombotoday