Colombo Today Local News

පාසල් ඇරඹීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ…

ලබන 08 වැනිදා පාසල් ආරම්භ කිරීමට අදාළව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයට අනුව 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යන කටයුතු ලබන 08 වනදා ආරම්භ වනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සඳහා සියලු අධ්‍යන කාර්ය මණ්ඩල, සේවයට කැඳවිය යුතු බවයි.

මීට අමතරව ලබන 08 වනදා සිට සියලු අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයින් ද, සේවයට කැඳවිය යුතු බව, නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් ය.

කෙසේ වෙතත්, ගැබිණි හෝ වයස අවුරුදු 01 ට අඩු දරුවන් සිටින කාර්ය මණ්ඩල සාමාජිකයින් සේවයට කැඳවීම අවශ්‍ය නොවන අතර, වෙනත් රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් කළ යුතු ය.

ඒ, අදාළ කරුණ පිළිබඳව සනාථ කෙරෙන ලේඛන සහිත ඉල්ලීම් ලිපියක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කර, අනුමැතිය ලබා ගැනීමෙන් පමණි.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, පාසල් ආරම්භ කළ මුල් කාලය තුළ සිසු සිසුවියන් සඳහා පාසල් නිළ ඇඳු අනිවාර්යය නොවන බවයි.

ඒ අනුව, සුදුසු ඇඳුමකින් පාසල් පැමිණීමට සිසුන්ට අවස්ථාව සලසා දෙන්නැයි ද, අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

Related posts

” පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ වැඩ කරන්න එපා “

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව සජබෙ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට

colombotoday

සජිත් නැවතත් විපක්ෂනායක ධූරයට

Admin

මිය ගිය දෙමළ ජනතාව වෙනුවෙන් යාපනයේ සරසවි සිසුන් කලු ජූලිය සමරයි

colombotoday

පුද්ගලික රෝහල් හෘද සැත්කමට 15%ක වැට් බද්දක්.. සැත්කම් ගාස්තු රු ලක්ෂයකින් ඉහළට !

colombotoday

කෘෂිකර්ම ඇමති කිව්වේ අමූලික බොරුවක්.. මහ කන්නයේ වගා නොකළොත් කෝටි 280ක් වතුරේ

colombotoday