ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතාට යාහපාලන ආණ්ඩුවෙන් ජනමාධ්‍ය අංශයේ ඉහල තනතුරක් ලබාදීමට යන බවට රාවයක් පැතිර ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ප්‍රධානියකු හා ආණ්ඩුවේ ප්‍රබලයෙක් පසුගිය දිනක සමරසිංහ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බවද පැවසේ.
ගුවන් විදුලි සංස්ථාවේ 49 වැනි සැමරුමට හඩ්සන් සමරසිංහ මහතාට ආරාධනා ලැබී තිබුණේ එහි පෙරනිමිත්තක් ලෙසින් බවටද ජනමාධ්‍ය කේෂත්රයේ කතා බහට ලක්ව ඇත.
කෙසේවුවද එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කතාවේදී යහපාලනයෙන් අසීලාචාර මාධ්‍ය කාලවකට ඉඩ නැතැයි අවධාරණය කර තිබණි