Colombo Today Local News

රජයේ සේවකයෝ 60%ක් පැය8න් පැය 2ක් ෆෝන් එකේලු.. රාජ්‍ය ‍සේවය පල්ලම් බහින්න ඒකත් හේතුවක්!

fb officeරාජ්‍ය සේවයේ කටයුතු ප්‍රමාද වීම සදහා ජංගම දුරකථන ද එක් හේතුවක් බව රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ රජයේ වෘත්තීය සමිති සංගමය පෙන්වා දෙනවා.

එහි ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පවසන්නේ ජංගම දුරකතන භාවිතයට දැඩි ලෙස හුරුවිම හේතුවෙන් එක් පුද්ගලයෙකු මසකට පැය 40ක කාලයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන කාලය විනාශ කර දමන බවත් රාජ්‍ය, පළාත් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවයේ නියුතු ප්‍රථමික ශ්‍රේණි, ද්විත්‍රීක ශ්‍රේණි සහ මාණ්ඩලික ශ්‍රේණි ආදි වශයෙන් සිදු කරන ලද පොදු නියදී පරික්ෂණයකදි මේ බව අනාවරණය වී ඇති බවයි.

රාජ්‍ය සේවයේ දිනකට සේවය කළ යුතු කාලය පැය 08 ක් වුවද එම කාලය තුළ රාජ්‍ය සේවයේ නියලෙන්නගෙන් 60% කට ආසන්න පිරිසක් පැය දෙකකට අධික කාලයක් ජංගම දුරකතන භාවිතයට ගන්නා බව එහිදී අනාවරණය වී ඇත.

රාජ්‍ය සේවකයින් කාලය කා දමන්නේ කෙසේදැයි කල විමසීමේදී, ඊට ප‍්‍රතිචාර දක්වමින් තිලකරත්න මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවකයින් බහුල වශයෙන් ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියට පිවිසීම ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගන්නා බවයි.

රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට අවශ්‍ය නම් මෙම තත්ත්වය පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැඩි අවධානයක් යොමුකළ යුතු බවද ලේකම්වරයා පවසනවා.

Related posts

ආණ්ඩුව සෝමාලියා නැවක් අල්ලගත්ත හොර කණ්ඩායමක් වගේ….

Admin

ඥානසාර හිමි යළි සිර ගත කරයි

Admin

මහින්දගේ කඩේට වඩා යහපාලන කඩේ බඩු සවුත්තුයි – ජවිපෙ හදුන්නෙත්ති කියයි

colombotoday

බහුජාතික, බහු ආගමික ජනපති අපෙක්ෂකයෙක් ගේනවා…

colombotoday

කහටගස්දිගිලිය අඩවි වන කාර්යාලයේ වන ව්‍යාප්ති නිලධාරීයෙක් අල්ලස් දැලේ

colombotoday

නළු නිළියන්ට සහ හිතවතුන්ට ක්‍රිකට් මුදල් වියදම් කළේ යැයි ඔප්පු කළොත් අස්වෙනවා – ශම්මි සිල්වා කියයි

Admin