Colombo Today Local News

අඹ ගෙඩියක් කෑ ගැබිනි මවක් මියගිහින්

දෙමස් ගැබිනි මවක් අඹ ගෙඩියක් ආහාරයට ගෙන විනාඩි කිහිපයකින් මරණයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධව ගම්පොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගම්පොළ, දැල්පිටිය, ගඟසිරිගම පදිංචි යාපා මුදියන්සේලාගේ චාමනී කුමාරි නමැති 33 හැවිරිදි ගැබිනි කාන්තාවකි. ඇයට දස හැවිරිදි පිරිමි දරුවකුද වේ. විදේශගතව සිටි ඇය මෙරටට පැමිණ ඇත්තේ මීට මාස හයකට පමණ පෙරදීය.

මරණය පිළිබඳ පරීක්ෂණය ගම්පොළ රෝහල් හදිසි මරණ පරීක්ෂක නලින් ඒ. මැදිවක විසින් පැවැත්වූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇගේ සැමියා සහ සහෝදරියක් ගිනිගත්හේන ප්‍රදේශයෙන් මිලදී ගත් අඹ ගෙඩියක් ඇය ආහාරයට ගැනීමෙන් පසු ඇයට සිහිසුන්වී ඇති බවය.

අනතුරුව ඇය 1990 සුව සැරිය ගිලන් රථයකින් රෝහලට රැගෙන ගොස් ඇත. රෝහලට ඇතුළත් කරන විටදීද ඇය මියගොස් සිටි බව අනාවරණය වී තිබේ.

මෙය ප්‍රශ්නගත මරණයක් නිසා ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදු කර ඇති අතර එහිදී මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආර්. එම්. එස්. බී. ගුණසේකර සඳහන් කර ඇත්තේ පැලෝපීය නාළය තුළ වර්ධනය වී තිබූ කලලය පුපුරා යෑමෙන් මෙම මරණය සිදුව ඇති බවය.

Related posts

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

ත්‍රස්තවාදී ක්‍රියා සහ මුහුණු ආවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

රිෂාඩ්ගේ නිවසේ දැරියක් මිය යාම; අත්අඩංගුවට ගත් සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා තලවකැලේ උද්ඝෝෂන

colombotoday

පිලිපීනයෙන් ශ්‍රී ලාංකිකයින්ට පැනවූ තහනම තවදුරටත් දීර්ඝ කෙරෙයි

colombotoday

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

සහල් ආනයනය කිරීමට පුද්ගලික අංශයට අවසර දෙයි

colombotoday