Colombo Today Local News

විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දැමූ හිටපු ඇමති ගැන පරීක්‍ෂණක්

කොළඹ 7, පිහිටි නිවසක විදුලිය විසන්දි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍යවරයකු කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබේ.

ඒ පිළිබඳව වාහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්දි කිරීමට ගොස් ඇති බව කී රත්නායක මහතා එහිදී හිටපු අමාත්‍යවරයා විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දමා ඇති බව ද සඳහන් කරයි.

මෙම සිද්ධිය වූ ඊයේ (23) පස්වරුවේ ද විදුලි සේවකයන් නැවත එම නිවසට ගිය අවස්ථාවේදී නිවස වසා ඇතැයි විදුලි සේවකයන් දැනුම් දුන් බව ද රත්නායක මහතා වැඩි දුරටත් පවසයි.

Related posts

දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයි

colombotoday

අවසන් විධායක ජනාධිපති

Admin

බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද අරඔයි

colombotoday

“එයා මැරුණේ උඩු මහලෙන් පැනලා.. අපි ගැහුවේ නෑ” පොලීසිය නිදහට කරුණු කියයි

colombotoday

ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දැක්කත් දෙපා නැමද නමස්කාරය කරන පිරිසක් – ඇමති සරත් වීරසේකර

colombotoday

නව වාරිමාර්ග සහ ජලසම්පත් අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ පත්වේ

Admin