Colombo Today Local News

අවසන් විධායක ජනාධිපති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රජයක ප්‍රමුඛ කටයුත්තක් යයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

‘අද ඔබ මේ රටේ අවසන් විධායක ජනාධිපතිවරයා පත් කර තිබෙනවා. තවදුරටත් විධායක ජනාධිපතිවරු බිහි නොවනු ඇත. ඒ සඳහා මහජනතාවගේ සහයෝගය අපට අවශ්‍යයි’ යයිද හෙතෙම පැවසීය.

දේශපාලකයන්ට පිරිනැමෙන වරප්‍රසාද විශාල වශයෙන් කපා හැරීමට කටයුතු කරන බවත් පැවසූ ඔහු ‘ජනතාවට අනවශ්‍ය දේ දේශපාලනඥයන්ට අවශ්‍ය නොවන බව අපි ජනතාවට පොරොන්දුවක් දී තිබෙනවා. අපි ඒ පොරොන්දුව රකිනවා’ යැයිද කියා සිටී.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවේය.

Related posts

වාද්දූවේ නිවසක් ගිනි ගනී

colombotoday

නුවර බොදු සමුළුවට පැමිණි වරකාපොල තරුණයකුට මුස්ලිම් අන්තවාදී තර්ජන

colombotoday

ඇමරිකානු තානාපතිනිය කථානායක කරු හමුවෙයි…

colombotoday

2015 – 4.8% යි, 2016 – 4.4% යි.. ආර්ථික වර්ධනය වේගය පහත වැටේ..

colombotoday

බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දුට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් නෑ – හමුදාපති

colombotoday

රනිල් අගමැති කරන්නෑමයි ජනපති කීවා… ඒවා කොහෙද රනිල් අගමැති නොකර බෑ…

colombotoday