Colombo Today Local News

“55 පිරුණු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යා හැකියි” – ජනක බණ්ඩාර

වයස 55 පිරුණු කැමති ඕනෑම රාජ්‍ය සේවකයකුට ලබන ජනවාරි 1වැනිදා සිට විශ්‍රාම යා හැකි බව රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (24)දින පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ලබන මස විශ්‍රාම යෑමට නියමිතව සිටි රජයේ සේවකයන් විශ්‍රාම යෑමේ වයස 65 දක්වා වැඩිකිරීමට ගත් තීරණය හේතුවෙන් යම් කුතුහලයකින් පසුවන හෙයින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නැයි විජිත හේරත් මහතා මෙහිදී ඉල්ලීමක් කළේය.

රජයේ සේවකයන් විශ්‍රාම යා හැකි උපරිම වයස 65දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතත් එය හැට තුනක් දක්වා අඩු කිරීමට කටයුතු කරගෙන යන බවට ආරංචි ලැබී ඇතැයිද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට ජවිපෙ සහය !

colombotoday

ඇමති අලි සබ්‍රි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හමුවෙයි

Admin

21 වන සං‌ශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය

colombotoday

ලංකාව ඇතුළු රටවල් 12කට සෞදියට ඇතුළුවීම තහනම්

colombotoday

පුංචි ඡන්දෙට නාම යෝජනා කැඳවීමේ ගැසට් නිවේදනය ජනවාරියේ

Admin

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්‌ ජංගම දුරකතන CID භාරදෙන තෙක් අධිකරණයේ රඳවා ගැනේ

colombotoday