Colombo Today Local News

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

ජනතාව සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපඳින්නේ ද යන්න සොයාබැලීම සඳහා පොලීසිය විසින් බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමයක් සිදුකර තිබේ.

ඊයේ (22) පස්වරු 2.00 සිට පස්වරු 04.00 දක්වා පැය දෙකක කාලයක් තුළ පොලිස් නිලධාරීන් 435 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම මෙහෙයුම සිදුකළ බව පොලිස් මූලස්ථානය පවසයි.

එහිදී වායු සමනය කළ බස් රථ ඇතුළු මගී ප්‍රවාහන බස්රථ 1,210ක්, සිල්ලර වෙළෙඳසැල්, ඔසුසල් සහ වෙනත් කුඩා වෙළෙඳසැල් 1,366 ක් පරීක්ෂාවට ලක්කර තිබේ.

මෙහිදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය නොකළ බස්රථ 471ක රියදුරන් සඳහා හා වෙළෙඳසැල් හිමියන් 573 දෙනෙකු සඳහා අවවාද කළ බව වාර්තා වේ.

අද දිනයේත් බස්නාහිර පළාත තුළ එම මෙහෙයුම් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Related posts

කොළඹ ජාතික රෝහලේ ගර්භනී හෙද නිලධාරිනියන් ද ඇතුළුව නිලධාරීන් 62කට කොරෝනා

colombotoday

වසන්ත මුදලිගේ ඇතුළු 67ක් කඩුවෙල අධිකරණයට

Admin

ලංකාවේ උද්ධමනය තවත් පහළට

Admin

නගරාධිපතිනී රෝසී හමුවීමට යන මන්ත්‍රීවරුන්ට බැණ පන්නා ගන්නවාලු…

colombotoday

මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයි

Admin

දොස්තරලා කියා ලොකුද !.. “සියළු වෘත්තිකයන් එක සමානයි“ – අගමැතිගෙන් ෆේස්බුක් ප්‍රකාශයක්

colombotoday