World

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹේ…. අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම්

සොලමන් දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7.0 ක් ලෙසය.

භූමි කම්පාවේ ප්‍රබගත්වය සහ එය හටගත් ස්ථානය සැලකිල්ලට ගනිමින් අවට රටවලට සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව විදෙස් මාද්‍ය පවසයි.

භූමි කම්පාවෙන් නිවාස සහ දේපොල රැසකට හානි සිදුවි ඇත.

තත්පර 20 ක් තිස්සේ භූමි කම්පාව පැවැති අතර සොලමන් දූපත් වැසියන් මහත් සේ බියට පත් වුණු බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාවෙන් සිදුවුණු ජීවිත හානි හෝ තුවාල ලැබූවන් ගැන හෝ තවමත් කිසිවක් වාර්තා වී නැත.

සොලමන් දූපත් පිහිටා ඇත්තේ ඕස්ෙට්‍ර්ලියාවට සහ නවසීලන්තයට ඉහළිනි. ප්‍රධාන දූපත් 6 ක් සහ තවත් කුඩා දූපත් 900 ක් සොලමන් දූපත් රාජ්‍යයට අයත් වෙයි. ලෝක බැංකු වාර්තා අනුව සොලමන් දූපත් රාජ්‍යයේ ජනගහනය 7,03,995 කි. හොනියාරා යනු සොලමන් දූපත් රාජ්‍යයේ අගනුවරය.

Related posts

බොට්ස්වානා රාජ්‍යයේ අභිරහස් ලෙස මිය යන අලි

colombotoday

අපිට ගැහුවොත් අපිත් ගහනවා – පාකිස්ථානු අගමැති ඉන්දියාවට අනතුරු අගවයි

colombotoday

කීව් අගනුවර අල්ලන්න ඔන්න මෙන්න.. වැසියන්ට වහා නගරයෙන් පිටවන්න රුසියන් හමුදා කියයි

colombotoday

දිල්ලි පුරවරය අදුරු වෙයි.

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin